දුම්රිය වර්ජනය තවදුරටත්….රජයට සහය දෙන වෘත්තීය සමිතිත් වර්ජනයේ….උසස්පෙළ සිසුන්, මගීන් අසරණයි

0

ඊයේ පස්වරුවේ ආරම්භ දුම්රිය වැඩ වර්ජනය අද වන විට මුළු රටේම ක්‍රියාත්මක වනවා. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන දුම්රිය වෘත්තිය සමින්ති ප්‍රකාශ කරන්නේ රජය තම ඉල්ලීම් කෙරෙහි අවධානය යොමු කිරීමට සූදානම් නම් සහනදායි ක්‍රියා මාර්ගයකට අවතීර්ණ වීමේ හැකියාව පවතින බවයි.

දුම්රිය සේවක සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ පවසා සිටියේ මංගල සමරවීර මුදල් අමාත්‍යවරයා ගත් දැඩි තීරණය හේතුවෙන් මෙම තත්ත්වය වර්ධනය වී ඇති බවත් මංගල ඇමතිවරයාට තරම් වගකීමක් තම සාමාජිකයන්ට නොමැති බවයි.

කෙසේ වුවත් රජයට සහය දක්වන දුම්රිය සමිති පවසා සිටින්නේ රජයේ ඇතම් ඇමතිවරුගේ අත්තනෝමතික ක්‍රියා කලාපය හේතුවෙන් තම සමාජිකයන්ද දැඩි මානසික ගැටළුවකට මුහුණ දී ඇති බවයි.

නිහාල් ගුණරත්න – ජාතික දුම්රිය සේවක සමිතිය

“තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් මගී ජනතාව අපහසුතාවයට පත් කරන එකට අපි විරුද්ධයි.  මේ විදියට ක්ෂණික තීරණ ගැනීමෙන් රටේ මහජනතාවට ඊයේ දවසේ ඇතිවු කණගාටුදායක තත්ත්වය, ඒ අය වින්ද වේදනාව අපි දැක්කා සියසින්, ජනතාවට මේ වගේ පීඩනයක් දීලා අයිතිවාසිකම් ලබා ගැනීම අනුමත කරන්න බෑ. නමුත් රජයේත් වගකීමක් තියනවා මොනවා හරි තීරණයක් ගැටළුවක් ඇති වීමට පෙර එය විසදීම. මේවා කල් මර මර ඉදලා අවසානයේ එක කොටසකට වැටුප් වැඩි කිරීමෙන් අනෙක් කොටස එයට විරුද්ධව නැගි සිටිනවා. වැඩ වර්ජන අවස්ථාවක ජාතික දුම්රිය සේවක සමිතිය එකතු වෙලා යම් දුම්රිය ප්‍රමාණයක් ධාවනය කිරීමට කටයුතු කළා හැමදාම. මේ අවස්ථාවේ අපේ සාමාජිකත්වය තීරණය කළා අපි කිසි දෙයකට මැදිහත් වෙන්නේ නෑ කියලා.  ඒකට හේතුවක් තියනවා අපි සම්මේලනය තියලා නව නිලධාරි මණ්ඩලයක් පත් කරලා වෘත්තිය කොමසාරිස්ට යැව්වාම සුජීව සේනසිංහ අමාත්‍යවරයාගේ විරෝධතාවයක් නිසා අපේ සම්මේලනයේ ලියාපදිංචිය අහෝසි කරලා තියනවා. මේකෙන් අපේ සමාජිකයන්ගේ මානසිකත්වය බිද වැටිලා,කලකිරීමට පත් වෙලා තියෙනවා. අපි මොකටද මේ රජය ආරක්ෂා කරන්නේ කියන තැනට අපේ සාමාජිකයෝ පත් වෙලා තියනවා.” ඔහු පවසා සිටියා.