දුම්රිය සමිති කරන්නේ අයිතිවාසිකම් ඉල්ලීමක් නෙමෙයි ත්‍රස්තවාදය ක්‍රියාත්මක වීමක්…..මේක ඉතිහාසයටම කළු පැල්ලමක්!

1

වෘත්තීය සමිති ක්‍රියාත්මක කර ඇති වැඩ වර්ජනය දුම්රිය වෘත්තීය සමිති ඉතිහාසයේ කළු පැල්ලමක් ලෙස හැදින්විය හැකි බව අග්‍රාමාත්‍ය කාර්යාල ප්‍රධානි අමාත්‍ය සාගල රත්නායක පවසා සිටිනවා.

අග්‍රාමාත්‍ය කාර්යාලය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පවසා සිටින්නේ මෙම වර්ජනය හේතුවෙන් සේවය නිමවා නිවෙස් බලා යන දුම්රිය මගීන් මෙන්ම මෙවර උසස් පෙළ විභාගයට මුහුණ දෙන සිසු සිසුවියන් විශාල පිරිසක් අපහසුතාවයට පත් ව ඇති බවයි.

ඊයේ සමිති පෙන්නුම් කළේ අන් කිසිවක් නොව වෘත්තීය සමිති ත්‍රස්තවාදය බවයි එම නිවේදනය පෙන්වා දෙන්නේ.

රටක් වශයෙන් එකතු වි අවුරුදු 30ක් පුරා මෙරට විනාශ මුඛයට ඇද දැමු බෙදුම්වාදි ත්‍රස්තවාදය පරාජය කළ ආකාරයට මෙම වෘත්තීය සමිති ත්‍රස්තවාදය මතවාදිමය වශයෙන් හෝ ප්‍රයෝගිකව පරාජය කිරීමට කාලය එළඹි ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

වැඩ වර්ජනයක් දියත් කිරීම වෘත්තීය සමිතියක අවසන් ක්‍රියාමාර්ගය විය යුතු බවත් එය කිසි ලෙසකින්වත් තමන් සතු පළමු ආයුධය කර ගත නොයුතු බවයි ඔහු මෙහිදී අවධාරණය කර සිටින්නේ.

වෘත්තීය සමිති අයිතිවාසිකම් වලට උපරිමයෙන් ගරු කළ ද වෘත්තීය සමිතිවක වගකීම වන්නේ සදාචාරමය හා සාධාරණ ලෙස කටයුතු කිරීම බවත් සාගල රත්නායක පවසා සිටිනවා.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here