වැඩවර්ජන වලින් ආණ්ඩුවට රිද්දන්න හදන එක මිත්‍යාවක්…..!

0

වැඩ වර්ජන සිදු කිරීම මගින් ආණ්ඩුවට දැනවීමට උත්සහ කිරීම මිත්‍යාවක් බවත් එමගින් පීඩාවට පත්වන්නේ ආණ්ඩුව නොව ජනතාව බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.

ඊයේ (09) විහාර මහා දේවි උද්‍යානයේ දි පැවති උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියා.

වෛද්‍යවරුන්, දුම්රිය සේවකයන් හෝ මොනයම් වෘත්තිකයන් පිරිසක් විසින් හෝ සිදු කරනු ලබන වැඩ වර්ජන, විරෝධතාවලින් ආණ්ඩුවට නොරිදෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කර සිටියා.

පොදු මගී ප්‍රවාහන සේවාවන් මෙන්ම නිදහස් සෞඛ්‍ය සේවාවද භාවිත කරන්නේ ධනවතුන් නොව රටේ අහිංසක ජනතාව බව පෙන්වා දුන් ජනාධිපතිවරයා පෙරේදා සිදු කළ දුම්රිය වැඩ වර්ජනය හේතුවෙන් ජනතාවට අත්විඳීමට සිදු වූ පීඩාකාරී තත්ත්වය පිළිබඳව කනගාටු වන බවත් පෙන්වා දුන්නා.

එබැවින් රටේ පොදු මහජනතාව පීඩාවට පත් නොකොට බුද්ධිමත්ව සහ මානුෂීය අන්දමින් සිය ගැටලු විසඳා ගැනීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා වැඩ වර්ජනවලට සූදානමින් සිටින වෘත්තීය සමිති කණ්ඩායම්වලින් ඉල්ලා සිටියා.

Maithripala Sirisena