16යේ එක කකුලක් ශ්‍රිලංනීපේ……, අනික් කකුල ඒකාබද්ධයේ……

0

ශ්‍රි ලංකා නිදහස් පක්ෂ 16 යේ කණ්ඩායම ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරන විරෝධතා රැලියට සැප්තැම්බර් 05 වෙනිදා සහභාගි වන බව පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා සඳහන් කරනවා.

ඊයේ (09) පැවති මාධ්‍ය හමුවකදි මන්ත්‍රිවරයා මේ අව සඳහන් කර සිටියා.

“විශ්වාසභංග යෝජනාව දිනන්න අගමැතිව` කටයුතු කළේ සමහර මන්ත්‍රිවරුන්ට අනියම් අල්ලස් පොරොන්දු වෙලා. ඒ අනියම් අල්ලස් දෙන්න අධීක්ෂණ මන්ත්‍රී කියන නමක් දාලා ගම පෙරලන්න පෙරලිකාරයෝ විදියට ඒ ගොල්ලෝ යවන්න ඕන. ඒඅයට ගාණක් ගෙවන්න ඕන කියලා හා වරප්‍රසාද දෙන්න ඕන කියලා ලක්ෂ 7කට ආසන්න කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට ගෙනාවා. ඒක අතිගරු ජනාධිපතිතුමා නැවැත්තුවා. නැවැත්තුවාම කැබිනට් ප්‍රකාශකතුමා සභානායක්තුමා කියනවා නෑ නෑ ඒක නැවැත්තුවේ නෑ අපි ඒක ආයෙත් ගේනවා කියලා. ඊලඟට අපි ඒකාබද්ධ විපක්ෂය සැප්තැම්බර් මාසේ 05 වෙනිදා පවත්වන රැලියට සංවිධානාත්මකව සහභාගි වෙනවා. මොකද වැරදි විදියට අර්ථ නිරූපණය වෙලා තියනවා මේ විපක්ෂනායකධූරය පිළිබඳ අර්බුදය. ඒකට විවිධ තර්ක දානවා. ඒකාබද්ධ විපක්ෂකියලා පක්ෂයක් නෑ. එහෙම නම් අපිට කියන්න පුළුවන් එක්සත් ජාතික පෙරමුණ කියලා පක්ෂයක් නෑ. වහාම අපේ සංවත්සරය දවසේවත් ආණ්ඩුවෙන් ඉවත් වීමේ තීරණය අරගෙන මේ දේවල් වලට විසදුමක් ලැබෙයි කියලා.” මන්ත්‍රීවරයා පවසා සිටියා.

මේ අතර පෙරේදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක රැස්වීමටද 16 කණ්ඩයමේ එස් බී දිසානායක මන්ත්‍රිවරයා ඇතුළු පිරිසක් සහභාගි වී තිබේ. ඒ පිළිබඳව අදහස් දැක්වූ ශාන් වික්‍රමසිංහ පවසා සිටියේ ඉදිරියේදි ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ආසන බල මණ්ඩල පිහිටුවීමට ද කටයුතු කරන බව දිසානායක මන්ත්‍රිවරයා එහිදි පවසා සිටි බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here