ලැජ්ජායි, මහින්ද එක්ක මරාගෙන මැරෙන කාලේවත් මෙහෙම වුණේ නෑ….නිතියත් නෑ, සාමයත් නෑ

0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ මරාගෙන මැරෙන ලෙස දේශපාලන සටන් කළ අවධියේවත් තම ආධාරකරුවන්ට කුඩු චෝදනා එල්ල නොවුනත් දැන් දැන් ඒ එයද සිදු වන බව  අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසනවා.

අද (10) පෙරවරුවේ මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියා.

“මාත් එක්ක දේශපාලනය කරන තරුණ පිරිස ඉන්නවා, සාමාන්‍ය ජනතාව ඉන්නවා. කැළණිය මේ පැතිවල දේශපාලනය කරන්නේ මේ කොළඹ හතේ ටයි කෝට් දාගත්ත අය නෙමෙයි. මම යනකොට අලි බලන්න, කෑලවල යන කොට මේ කටිටිය එනවා වරින් වර. ඒ ගොල්ලන්ගේ වියදමින්. එහෙම ගිය 4 දෙනෙකුට මඩ ගැහුවා. එදා ඉදන් අවුරුදු 2කට මෙහා ඒ අයට කුඩු චෝදනා නෑ. සුමාන කිහිපයක් ඇතුලත් මේ ගිය හතරදෙනාගෙන් තුන් දෙනෙක් ඇල්ලුවා. ගෙදර කුඩු තුබුණා, පිහි තිබුණා කඩු තිබුණා කිය කිය. මේ ඔක්කෝම වැඩ දේශපාලන වැඩ මේ. මේකට විරුද්ධව මම සටනක් ගෙනියනවා. බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා.”

“අපි දන්න විදියට තාමත් අද රටේ නීතිය අනුව සෝදිසි කරන්න ගේකට එන්න සෝදිසි වරෙන්තුවක් ඕන. මිනිස්සු අල්ලන් යන්න. මේ රටේහරියට අනිවාර්යයෙන්ම නීතිය හා සාමය ක්‍රියාත්මක වෙන්නේ නෑ. මම එකක් කියන්න ඕන, අපි මහින්ද රාජපක්ෂ එක්ක මරාගෙන මැරෙන්න ඉන්න කාලේවත් අපේ ආධාරකරුවන්ට කුඩු පැකට් දාලා අල්ලගෙන ගියේ නෑ කුඩු තිබුණා කියලා. දැන් ඒ තත්ත්වයයට වැටිලා තියනවා, මේක නැවැත්තුවේ නැතිනම් බොහෝම ලැජ්ජා සහගත තත්ත්වයක්.” අමාත්‍යවරයා පවසා සිටියා.

Sarath Fonseka

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here