නීතියේ කෙස් ගහට මුවා වෙලා විපක්ෂයේ අයිතිය උදුරා ගත්තා….කතානායක මාරයි

0

කතානායක කරු ජයසූරිය වෙනත් අයගේද දැනුවත් කිරීම යටතේ විපක්ෂයේ අයිතිය උදුරා ගත් බව පාර්ලිමෙන්තු මන්ත්‍රි වාසුදේව නානයක්කාර පවසනවා.

අද (10) කැඳවා තිබු මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කර සිටියා.

“අපි දිනේෂ් ගුණවර්ධන මහතාට විපක්ෂනායක ධූරය ලබා ගැනීමේ අරමුණෙන් නෙමෙයි මේ ව්‍යායාමයේ යෙදුනේ. අපිට විපක්ෂයේ අයිතිය දෙන්න කියලා. දැන් කවුද ඒකට විරුද්ධ වුණේ ප්‍රධාන වශයෙන් ම ආණ්ඩුව. මොකද ආණ්ඩු පක්ෂයට අවශ්‍යයි තමන්ට කත් අදින විපක්ෂයක්. නීතියේ කෙස් ගහට මුවා වෙලා අපිට දෙන්න බෑ කියලා තියෙන්නේ. කතානායකත්මාගේ ප්‍රයෝගයක් මේක. යම් අයගේ ඉගැන්වීම් ඇතුව. ”

දැන් මොකද කරන්නේ ඔබතුමාලා?

“අපි යනවා අධිකරණයට.”

විපක්ෂනායකකම ගන්න බැරි ඒකාබද්ධ විපක්ෂයට 2020 දි ආණ්ඩුව පෙරලන්න පුළුවන් වෙයිද?

“2020 වෙනකම් මේ ආණ්ඩුව පෙරලන්න අපි බලන් ඉන්නවා  කියලද හිතන් ඉන්නේ?

Vasudeva Nanayakkara