සෑම බස්නාහිර පළාත් සභා මන්ත්‍රිවරයෙකුට ම ලක්ෂ 6 1/2 පුටුවක් බෙල්ජියමෙන්….අටකෝටි දොළොස් ලක්ෂයක පුටු ඇනවුම් කර අවසානයි…මෙහෙව් අමන දේශපාලුවන් කුමට?

10

බස්නාහිර පළාත් සභාවේ නව ගොඩනැගිල්ලේ නව සභා ශාලාව සඳහා එක පුටුවක් ලක්ෂ 6 හමාරක් වන පුටු 125 ක් බෙල්ජියමෙන් ගෙන්වීමට බස්නාහිරපළාත් සභාව තීරණය කර තිබෙනවා.

මේ වන විටත් අටකෝටි දොළොස් ලක්ෂ පනස්දහසක් වටිනා පුටු ගෙන්වීමට ඇණවුම බෙල්ජියම වෙත බාර දී අවසන් අතර බස්නාහිර පළාත් සභාවේ සිටින්නේ මන්ත්‍රිවරු 104 ක් පමණි.

ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය බස්නාහිර පළාත් සභා මන්ත්‍රි ලක්ෂමන් නිපුණ ආරච්චි විසින් වහාම මෙම විනාශකාරි වියදම් සහගත ක්‍රියාවලිය නවත්වන ලෙස පළාත් ආණ්ඩුකාරවරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටිනවා.

මන්ත්‍රිවරයා එම ලිපිය මගින් දක්වා ඇත්තේ බස්නාහිර පළාත් සභා කටයුතු කාරකා සභාවේදි තමන්ට මේ බව දැන් ගන්නට ලැබුණු බවයි.

“අපි කොහොමද මේ පුටුවේ වාඩි වෙන්නේ. පළාත් සභා රෝහලේ ඉන්න ඇදක් නැතුව බෙහෙත් ටික ගන්න බැරුව දුක් විදිනවා. මේ වෙනකොට මේ පුටු වලට අනුමැතිය දීලා අවසානයි. මේක ඇතුලේ අපි විශ්වාස කරනවා විශාල කොමිස් මුදලක් ඇති කියලා. නැතිනම් මේ වගේ මුදලක් වෙන්නේ නෑ. ජනතාවගේ මුදල් මේ විදියට නැති නාස්ති කිරීම ගැන් තියෙන්නේ ලොකු පිළිකුලක්. අපි හිතනවා ජනාධිපති තුමාගේ සංවේදිකම ඇතුව මෙවැනි පල රහිත විශාල මුදලක් වැය වෙන කාර්යයන්ට එතුමා විරුද්ධ වෙයි කියලා.” ලක්ෂ්මන් නිපුණාආරච්චි පවසා සිටියා.

10 COMMENTS

  1. W przypadku pracy samodzielnej zwykle musimy włożyć

    sporo sił w zachęcanie osób lub grup osób do obejrzenia filmu i podania go dalej.

    Tymczasem w przypadku wielu firm, które dają nam możliwość w zasadzie automatycznego pozyskania wyświetleń czy fanów

    sprawa jest o wiele prostsza.

  2. You can quickly start to see the features of coming on the internet
    and playing virtual casino games. It’s still determined as to whether or not coach Norv
    Turner are able to turn that flaw around. When all of the gamblers are using in much the same
    system, and so are gambling against one another for similar goal,
    guess what.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here