අහිංසක වතු කම්කරුවන්ගේ පඩිපතටත් විද්දාද?

0

ආගරපතන වැවිලි සමාගයට අයත්, වෙවර්ලි තේ වතුයායේ වතු කම්කරුවන් පිරිසක් ඉල්ලීම් කීපයක් මුල් කරගෙන අද (11) පෙ.ව. 09.00 ට පමණ එම තේ වතුයායේ ක්‍රීඩා පිටියේ ඉදිකරන ලද තාවකාලික මඩුවක සිට උපවාසයක් ආරම්භ කළහ.

වෙවර්ලි තේ වතුයායේ කාලයක් තිස්සේ පවතින වැටුප්, නිවාස, සෞඛ්‍ය, ප්‍රශ්න මෙන්ම තේ වතුයාය පාලනාධිකාරිය මගින් නිසි ලෙස නඩත්තු නොකිරීම යන කරුණු වලට වහා විසඳුමක් ලබා දෙන ලෙස වගකිවයුත්තන්ට බල කරමින් මෙම උපවාසය ආරම්භ කළ බව වෙවර්ලි වතුයායේ කම්කරුවන් පැවසූහ.

තම ඉල්ලීම් ඉටුකරදෙන තෙක් මෙම උපවාසය අඛණ්ඩව පවත්වාගෙන යන බව උපවාසයට සහභාගී වූ කම්කැරුවෝ පවසති.

(ඡායාරූප හා සටහන-මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)