මහින්දට ආපහු බෑ…. නිදහස් පක්ෂයේ අපේක්ෂකයා මෛත්‍රීමයි

0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නැවතත් මේ රටේ ජනාධිපතිධුරයට පත්වීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයාට ඉඩක් ලැබෙන්නේ නැති බවත් එය රටේ නීතිය බවත් ඒ අනුව මීලග ජනාධිපතිවරණයේදී ඊට තරග කිරීම සඳහා සුදුසුම අපේක්ෂකයා වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

අද (11) අගුනකොළ පැලැස්සෙන් ආරම්භ වු වැව් දහසක් – ගම් දහසක් වැඩ සටහනේ තවත් අදියරක් සමග එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කලේ සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් හා බර්ගර් ආදි සමස්ත ශ්‍රී ලාංකිකයින්ගේ විශ්වාසය දිනාගෙන සිටින එකම නායකයා මෛත්‍රී පාල සිරිසේන පමණක් බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා

අපේ රටේ වැව් පද්ධතිය දීර්ඝ කාලයක් තිස්සේ සංවර්ධනය වුනේ නැහැ. ඒ නිසා ගම්මානවල යටිතලපහසුකම් සංවර්ධනය වීමද අඩාල වුනා. නමුත් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා යටතේ අපි ඉළක්ක කළේ මෙගා ව්‍යාපෘතිවලින් කෙරෙන සංවර්ධනය නොවෙයි. අපිට ඕනැ වුනේ ගමේ ගොවි ජනතාවට අවශ්‍ය දේවල් ලබා දෙන්න. ඒ නිසා තමයි අපි වැව් දහසක් ගම් දහසක් වැනි වැඩ සටහන් මගින් වැව් ටික පිළිසකර කරන්න පටන් ගත්තේ. ඒ වගේම ග්‍රාමශක්ති, ගම්පෙරළිය වැනි සියලු වැඩසටහන්වල අරමුණ ගම සංවර්ධනය කිරීමයි.

අපේ රටේ ජනප්‍රිය දේශපාලනඥයා මහින්ද මහත්තයා වුනත්, එතුමාට නැවත මේ රටේ ජනාධිපති වෙන්න බැහැ. ඒක තමයි ඇත්ත. මොකද ව්‍යවස්ථාවට අනුවයි ජනාධිපති අපේක්ෂකයා තෝරන්නේ. මීලග ජනාධිපති තනතුරට සුදුසුම අපේක්ෂකයා මෛත්‍රීපා සිරිසේන මැතිතුමා මිසක් වෙන කෙනෙක් නොවෙයි. එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා. දැන් එතුමා පොදු වස්තුවක්. ඒ නිසා කිසිවිටෙක එතුමාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ගන්නා තීරණයට විරුද්ධවීමට හැකියාවක් නැහැ.

සමහරු දැන් අපේ රටේ විවිධ ගැටළු නිර්මාණය කරන්නට උත්සාහ කරනවා. අද වැඩවර්ජනවලින් ජනතාව හෙම්බත් වෙලා ඉන්නේ. දුම්රිය රියදුරන්ගේ වර්ජනය ඉතාමත් මිලේච්ඡයි. ජනතාව පීඩාවට පත් කරලා වැඩි කර ගන්න පඩිවලින් කාලා ජීවත්වෙන්න පුලුවන්ද? අනික මේ කෝච්චිවල යන්නේ අපේ රටේම ඉන්න අහිංසක ජනතාව. පොහොසත් මිනිස්සු මේ දුම්රියවලවත්, බස් රථවලවත් ගමන් කරන්නේ නැහැ. එහෙනම් මේ අහිංසක මිනිස්සු පීඩාවට පත් කරළා ලබන වෘත්තිය ජයග්‍රහනවලින් පලක් තියෙනවාද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here