ග්ලියිපොසෙට් රසායනය නිසා මියගිය අයෙකු වෙනුවෙන් මිලියන සියයක් ඉල්ලා නඩුමගට

0

ඇමරිකාවේ මොන්සැන්ටෝ සමාගමට එරෙහිව ඇමරිකාවේ අධිකරණය මගින් ලබාදුන් නඩු තීන්දුව පුර්වාදර්ශයට ගනිමින් ලංකාවේද ග්ලියිපොසෙට් කෘෂි රසායනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට අවශ්‍ය කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙන බව රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පිඨයේ මහාචාර්ය චන්න ජයසුමන පවසයි.

ඒ අනුව ගල්යිපොසෙට් නිසා ලංකාවේ පිළිකා හා වකුගඩු රෝගයෙන් මිය ගිය එක් අයකු වෙනුවෙන් රුපියල් කෝටි දහය බැගින් (මිලියන සියයක්) වන්දි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට තීරණය කල බවයි මහාචාර්යවරයා සදහන් කළේ.

ලංකාවේ මේ වන විට ග්ල්යිපොසෙට් හේතු කොට ගෙන පුද්ගලයින් 25000 ක් පමණ මිය ගොස් ඇති බවත් වකුගඩු හා පිළිකා සදහා මෙම කෘෂි රසායනය සෘජුව බලපාන බව පර්යේෂණ මගින් මනා ලෙස ඔප්පු කර තිබේන බවද ඔහු පෙන්වා දුන්න.

මේ අනුව පාර්ශව හතරක් සමඟ එක්ව මෙම නඩුව පැවරීමට තීරණය කළා.ඒ සදහා පර්යේෂණ කළ අයකු ලෙස තමන්ද ,ග්ල්යිපොසෙට් හේතු කොට ගෙන පිළිකා හා වකුගඩු රෝගයෙන් මියගිය පුද්ගලයන්ගේ දරුවන්ද ,ගොවි සංවිධානද, දැනට රෝගය වැලදී ප්‍රතිකාර ලබමින් සිටින පිරිසද ඇතුළු පාර්ශව හතරක් මේ සදහා එකතු වී සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here