වතුකරයට සෑබෑ වු නිවාස සිහිනය

0

ඉන්දීය රජයේ අනුග්‍රහයෙන් පුණ්ඩළුඔය, ඩන්සිනන් තේ වතුයායේ ඉදිකරන ලද වතු නිවාස සංකීර්ණය අද (12) පෙ.ව. 10.30 ට පමණ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා ඉනිදියානු මහ කොමසාරිස් රංජිත් සිං යන අයගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පවරාදීම උත්සවශ්‍රීයෙන් සිදු කෙරිණි.

ඉන්දියානු රජයේ රුපියල් මිලියන 383.5 ක ආධාර හා කඳුරට නව ගම්මාන, වතු යටිතල පහසුකම් හා සමාජ සංවර්ධන අමාත්‍යාංශයේ මුල්‍ය ප්‍රතිපාදන රුපියල් මිලියන 89.5 ක වියදමින් ඉදිකර ඇති මෙම නිවාස සංකීර්ණය, නිවාස 404 කින් සමන්විත වේ.  ජලය, විදුලිය සහිත මෙම නිවසක් සමග පර්චස් 07 කින් සමන්විත ඉඩම සඳහා හිම්කම් ඔප්පු ප්‍රදානය කිරීමද මෙහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

කඳුරට නව ගම්මාන, වතු යටිතල පහසුකම් හා සමාජ සංවර්ධන අමාත්‍ය පළණි දිගම්බරන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩිගෙන් කළ  ඉල්ලීමක් අනුව මෙම නිවාස යෝජනා ක්‍රමය සඳහා ඉන්දියානු රජයේ ආදාර ලබා දී ඇත.

නව තාක්ෂණය උපයෝගී කර ගනිමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි  ඉන්දියාවේ සිට මෙම රැස්වීම ඇමතීම විශේෂසිද්ධියකි.

ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේද්‍ර මොඩි ඉකුත් වසරේ ශ්‍රීලංකාවට පැමිණි අවස්ථාවේ, ඉන්දියානු රජයේ ආධාර මත වතු කම්කරු ප්‍රජාවට නිවාස 1000 ක් ඉදිකර දෙන බවට දුන් පොරොන්දුව සනාථ කරමින් අද දින ඉන්දියානු මහකොමසාරිස් රංජිත් සිං සින්දු  හා අමාත්‍ය පළණි දිගම්බරන් විසින් මෙහිදී ගිවිසුමක් අත්සන් කිරීම සිදු විය.

මෙම අවස්ථාවටඉන්දියානු මහ කොමසාරිස් රංජිත් සිං සින්දු, ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක, වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක, නගර සංවර්ධන හා ජල කළමණාකරන අමාත්‍ය රවූෆ් හකීම් යන මහත්වරුන්, මධ්‍යම පලාත් සභා මහජන නියෝජිතයින්, ප්‍රාදේශීය දේශපාලනඥයන් සමග වතු කම්කරුවන් විශාල පිරිසක්  සහභාගී වූහ.

(ඡායාරූප හා සටහන-මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here