2007 ගහපු ගිවිසුමකින් ගෝඨාභය රටේ සෛවරීභාවය අමෙරිකාවට පාවා දීලා ඉවරයි….දේශප්‍රේමීත්වය කෝ?

0

හිටපු aආරක්ෂක ඒකම් ගෝඨාභය රාජපක්ෂ සිය නිලකාලය තුලදි අමෙරිකානු තනාපතිවරයා සමඟ අත්සන් කළ ගිවිසුමක් මගින් රටේ සෛවරීභාවය පාවා දී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් පවසනවා.

කඩවත ප්‍රදේශයේ පැවති පක්ෂ සමාජිකයින් දැනුවත් කිරීමේ හමුවක් අමතමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කර සිටියා.

“2007 ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇමෙරිකානු තානාපතිවරයා සමඟ ගිවිසුමක් අත්සන් කරනවා. ආරක්ෂක හරස් සේවා ගිවිසුම. ඒ ගිවිසුම අනුව අමෙරිකාවේ හමුදාවට පුළුවන් ඕනෑම වෙලාවක ලංකාවට ඇවිල්ලා ලංකාවේ කඳවුරු බදින්න. ඒ සියළු කාලය තුළ අවශ්‍ය සියළුම පහසුකම් ලබා දෙන්න අපේ ලංකාවේ ආණ්ඩුව බැදිලා ඉන්නවා. ඒ වගේම තමයි අනිත් පැත්තට කියනවා ඒ ගිවිසුමේ ලංකාවේ ආණ්ඩුවට පුළුවන් ඕන වෙලාවක අමෙරිකාවේ ගිහිල්ලා කදවුරක් ගහන්න. එහෙම ගහනවා නම් ඒ ඉන්න කාලෙට වතුර ටික කෑම ටික හීතලයි නම් ජර්සි ටික දෙන්න අමෙරිකාවේ ආණ්ඩුව බැදිලා ඉන්නවා. ජීවිතේටවත් ලංකාවේ ආමි එක ගිහිල්ලා ඇමරිකාවේ කෑම්ප් ගහලා ඉන්නවාද? කවදාවත් වෙන්නේ නෑනේ. ඒ ගිවිසුමෙන් අපේ ස්වාධිපත්‍යය සෛවරීභාවය නැති කරලා තියෙන්නේ. ඒක දේශප්‍රේමි ද?” මන්ත්‍රිවරයා විමසා සිටියා.

Vijitha Herath