ණය අඩු ශක්තිමත් ආර්ථිකයක් ඇති රටක් බිහි කරනවා!

0

රටේ ණය බර අඩුකර ශත්කිමත් ආර්ථිකයක් ඇති රටක් බවට පත් කරන බව අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ සඳහන් කරනවා.

පුඩළුඔය ඩන්සිනන් මහත්මා ගාන්ධි ගම්මානය ජනතා අයිතියට කිරිමෙන් අනතුරුව ඊයේ (12) ජනතාව අමතමින් අගමැතිවරයා මේ බව සඳහන් කර සිටියා.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ කියා සිටියේ වත්මන් රජය මගින් ආරම්භ කර ඇති ගම්පෙරලිය සංවර්ධන ව්‍යාපෘතිය වතුකරයෙද් ක්‍රියාත්මක කරන බවයි.

“අද අපි මහත්මා ගාන්ධිපුරම් අලුත් ගම විවෘත කළා. මේක විශේෂ ගමක්. මේ ගම හදන්න ඉන්දියාවේ රජය වෙනුවෙන් අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහත්මයා දුන්න සහයට මම මගේ විශේෂ ස්තුතිය පල කරනවා. අද මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තියනවා. අද මෙතන තියන කැමරා වලින් දෙකක් හැර ඉතිරි ඒවා අද හවසට අපිට බනින්න යනවා. එක් කෙනෙක්වත් සුදුවෑන් වල ගෙනියන්නේ නෑ. අන්න එහෙම නිදහසක් තියෙන්නේ.අපි එනකොට මේ රටේ විශාල ණයක් තිබුණා. අපිට සිද්ධ වුණා අමාරුවෙන් හරි ඒ ණය ගෙවන්න. බදු වැඩි කරන්න වුණා. අපිට බැන්නා ගිය සැරේ අපි ඡන්දය පැරදුණා. නමුත් කොහොම හරි මේ රටේ අනාගතය ශක්තිමත් කරනවා. මේ රටේ තරුණ පරම්පරාවට අපි මීට වඩා හොද ආර්ථිකයක් හදලා දෙනවා කියලා අපි පොරොන්දු වෙනවා.”අගමැතිවරයා සඳහන් කර සිටියා.

Ranil Wickremesinghe