ජලාශවල ජලය තියෙනවා….තවමත් විදුලිය දෙන්න පුළුවන්!

0

විදුලි බල මණ්ඩලය සතු ජලාශවල 80% ක ජල ධාරිතාවක් ඇති බවත් , විදුලි පාරිභෝගිකයන්ට තවදුරටත් සහනධායි මිලටම විදුලිය ලබාදෙන බව අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අවධාරණය කරනවා.

අමාත්‍යවරය ඒ බැව් පවසා සිටියේ මවුස්සාකැලේ ජලාශය වසර 5කට පසු පිටාර මට්ටමට ආසන්න විම හේතුවෙන් එම ජලාශයේ වාන් දොරටු විවෘත කිරිම පිලිබදව සොයා බැලිමට ඊයේ (16) මවුස්සාකැලේ ජලාශ වේල්ලට පැමිණි අවස්ථාවේදිය.

පසුගිය නියං සමයේද අඛණ්ඩව විදුලිය ලබා දුන් ආසියාවේ එකම රට ශ්‍රි ලංකාව බවත් , එය ඉදිරියටත් එලෙසම පවත්වාගෙන යන බවයි අමාත්‍යයවරයා පවසා සිටියා.

ඉදිරියේදි ඇති වන විදුලිය අර්බුධය සහ අභියෝග වලට මුහුණ දිමට ලංකා විදුලි බල මණ්ඩලය සැලසුම් රැසක් ක්‍රියාවට නැංවිමට කටයුතු කර ඇති බවත් ඔහු මෙහිදි වැඩිදුරටත් පවසා සිටියා.

හැටන් රංජිත් රාජපක්ෂ