ජනතාවට නිදහසේ හුස්ම ගන්න ආණ්ඩු ඕන නෑ…..ආණ්ඩු නොකරපු ආණ්ඩුව ජනතාවගේ නිදහස උදුර ගත්තා

0

ජනතාවට නිදහසේ හුස්ම ගැනීමට පසුගිය වසර තුනේ හැකියාවක් ලැබුණ බව ආණ්ඩුව පවසා සිටියත්, සිසු අරගල මර්දනය කරමින්, රාජ්‍ය සම්පත් විකුණමින්, රටේ සමස්ත නිදහස විනාශ කරමින් කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් පවසනවා.

ඊයේ (23) පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළා.

“2015 ජනවාරිවලට කලින් අපේ රටේ පැවතුණේ ඒකාධිපති, පවුල් පාලනයක් සහිත කැලෑ නීතිය කි‍්‍රයාත්මක වුණු ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී බිහිසුණු පාලනයක්. එය පෙරළා දැමීමේ වුවමනාවක් රටේ ජනතාවට තිබුණා. ඒ අනුව තමයි 2015 ජනවාරි ජනාධිපතිවරණයෙන් එම පාලනය පරාජයට පත් කළේ. එතැනින් එහාට ගොස් රටේ ආර්ථික, සමාජයීය, දේශපාලන වෙනසක් සිදුකරන්න වුවමනාවක් රට තුළ පැන නැගී තිබුණා. ඒ අනුව තමයි ජනතාව මේ ආණ්ඩුවට ඡුන්දය දුන්නේ. ජනාධිපතිවරණයෙන් බලයට ඇවිත් මුල් දින 100 ඇතුළත විධායක ජනාධිපතිධුරය අහෝසි කරනවා කියන එක තමයි මූලික සටන් පාඨය වුණේ. නමුත් දින 100 තුළ තියා මේ වනතෙක් විධායක ජනාධිපතික‍්‍රමය අහෝසි කරන්න කටයුතු කළේ නැහැ. මේ වනවිට ආණ්ඩුවට ඒ පිළිබඳව කිසිදු වුවමනාවක් නැතිවෙලා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, දින 100 පාලනය තුළ ඉටුකරනවා කියපු කිසි දෙයක් සාර්ථකව නිම කරන්න මේ ආණ්ඩුවට බැරි වුණා. ඒ තුළින් මේ ආණ්ඩුව අසමත් ආණ්ඩුවක් බවට තහවුරු කළා.”

“නැවත 2015 අගෝස්තු මාසයේ මැතිවරණයෙන් ජනතාවට විශාල බලාපොරොත්තුවක් දීලා මේ ආණඩුව බලයට ආවා. ඊට පස්සේ හදාගත්ත හවුල් ආණ්ඩුවේ මාස 60න් අලූත් රටක් හදනවා කියලා පංචවිධ ප‍්‍රතිපත්තියක් ගෙනාවා. කැබිනට් මණ්ඩලය 30කට සීමා කරන බවත් විද්‍යාත්මකව ඇමතිධුර ලබාදෙන බවත් කිව්වට ආණ්ඩුවෙ එය ඉටුකළේ නැහැ. හොරකමට ¥ෂණයට වංචාවට තිත තියනවා කියලා ජනතාවට පොරොන්දු වුණාට මහ දවල් මහ බැංකුව කොල්ලකෑවා. හොරුන්ට දඬුවම් දීම සඳහා නීතිය කි‍්‍රයාත්මක කළේ නැහැ. වසර 3ක් ගතවෙලත් මේ ආණ්ඩුවට එක හොරෙක් අල්ලගන්න බැරිවුණා. මහ බැංකු හොරකම වෙනුවෙන් කසුන් පලිසේන වගේ කෙනෙක් අල්ලගෙන උසාවියට ගෙනාවට ඒ හොරකමේ මහ හොරාවත් මහ මොළකරුවත් අත්අඩංගුවට ගත්තේ නැහැ.”

“මාස 60න් අලූත් රටක් හදන්න ආව මේ ආණ්ඩුව වසර 3ක් ගතවෙනකොට ඇමති මණ්ඩලය හතර වතාවක් සංශෝධනය කළා. 2015 සැප්තැම්බර් මාසයේ හදාගත්ත ඇමති මණ්ඩලය ඇමතිධුර වැඩිකරගනිමින් කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව හදාගත්තා. 2017 මැයි මාසයේදී 2018 පෙබරවාරි මාසයේදී, 2018 මැයි මාසයේදීත් ඇමති මණ්ඩලය සංශෝධනය කළා. මාස 60න් රට හදනවා නම් ආණ්ඩුවට නිශ්චිත වැඩපිළිවෙළක් තිබිය යුතුයි. වසර 3ක් ඇතුළත ඇමති මණ්ඩලය හතර වතාවක් වෙනස් කිරීම තුළින්ම පේනවා මේ ආණ්ඩුවට රට හදන්න වුවමනාවක්වත් වැඩපිළිවෙළක්වත් නැහැ කියලා. දිනෙන් දින රටේ ජනතාවගේ ජීවන වියදම වැඩිවෙනවා. 2015 පෙබරවාරි මාසයේ 108.9ක් වුණු ජීවන අංකය මේ වසරේ ජූලි මාසය වනවිට 126.5කට ඉහළ ගිහිල්ලා. ආණ්ඩුවේ සංඛ්‍යාලේඛනවලට අනුවම මේ වසර තුනේ ජීවන වියදම වැඩිවීම රුපියල් 5649.60ක්. මේ වැඩිවුණු ජීවන වියදම රාජ්‍ය අංශයේ, පෞද්ගලික අංශයේ සියලූම දෙනාටම ගෙවිය යුතුව තිබෙනවා. නමුත් ආණ්ඩුව පඩි වැඩිකළේ නැහැ.”

“මේ ආණ්ඩුවේ වසර 3 ඇතුළත ඉතිහාසයේ පළමු වතාවට අපේ රටේ රාජ්‍ය සේවකයින්ගේ විශ‍්‍රාම වැටුප කප්පාදු කළා. 2016 සිට රාජ්‍ය සේවයට බඳවා ගන්නා සේවකයින්ට විශ‍්‍රාම වැටුප අහිමි කොට තිබෙනවා. ඒ වෙනුවට වැටුපෙන් 6%ක් කපාගෙන දායක මුදලක් ස්ථාපිත කරනවා කියලා රාජ්‍ය සේවකයින්ගෙන් මුදල් කපාගත්තට එම මුදල නැවත ගෙවීම සඳහා තවමත් නීතියක් සම්මත කර නැහැ. ඒ නිසා එම 6% කපා ගැනීම නීති විරෝධීයි. ඒ වගේම මේ වනවිට දිනෙන් දින උද්ධමනය වැඩි වෙමින් තිබෙනවා. බඩු මිල, බදු බර, වැඩිවෙලා තිබෙනවා. රාජපක්‍ෂ පාලනයේ විදේශ ණය ගැනීම සම්බන්ධයෙන් විශාල විවේචනයක් තිබුණා. නමුත් මේ ආණ්ඩුවත් දිනෙන් දින විදෙස් රටවලට ණය වෙමින් තිබෙනවා. මේ වන විට රාජ්‍ය ණය දශලක්‍ෂ 313කින් වැඩිවෙලා තිබෙනවා.”

“ආණ්ඩුව කියනවා, වසර 3ක් තුළ ආණ්ඩුව නිදහසේ හුස්ම ගත්තා කියලා. ආණ්ඩුව තිබුණත් නැතත් ජනතාව හුස්ම ගන්න එක නතර කරන්නේ නැහැ. ජනතාව නිදහසේ හුස්ම ගන්නවා කියන ආණ්ඩුව සිසු අරගලවලට අමානුෂික ලෙස පහර දෙනවා. උද්ඝෝෂණ මර්දනය කරනවා. රටේ සම්පත් විකුණනවා. නකල්ස් රක්‍ෂිතයේ වනාන්තර කපා දමලා හෝටල්වලට ඉඩම් ලියලා දෙනවා. ජනතාව හුස්ම ගන්න ඔක්සිජන් නිෂ්පාදනය කරන කැලෑ කපන ආණ්ඩුවක් ජනතාවට හුස්ම ගන්න පුළුවන් වුණා කියලා පම්පෝරි ගහනවා. රට ආර්ථික වශයෙන් බරපතළ අගාධයකට වැටී තිබෙනවා. මේ වසර වනවිට අපේ රටේ වෙළඳ ශේෂය රුපියල් මිලියන 9619ක් දක්වා ඉහළ ගිහින් තිබෙනවා. අසීමිත ලෙස භාණ්ඩ ආනයනය නිසා වෙළඳ ශේෂය ඉහළ ගොස් ආර්ථිකය විශාල අර්බුදයකට ගමන් කරමින් තිබෙනවා.”

“ඒ වගේම රටේ විශාල අපරාධ රැුල්ලක් වර්ධනය වෙමින් තිබෙනවා. කුඩු ගෙන්වීම, කේරල ගංජා ගෙන්වීම, බැංකු මංකොල්ලය, ස්තී‍්‍ර දූෂණ වැනි විශාල අපරාධ රැල්ලක් රට තුළ වර්ධනය වෙමින් තිබෙනවා. මේ ආකාරයට අපරාධ වර්ධනය වෙන්නේ රටේ ආර්ථිකය කඩා වැටීම නිසයි. වයසක අම්මලා පවා යට ඇඳුම් අස්සේ කුඩු පැකට් හංගාගෙන ඇවිත් අලෙවි කරන්නේ මේ ආර්ථික අර්බුදය නිසයි. දරුවන්ට කන්න දෙන්න ආදායමක් නැති නිසා විවිධ ආකාරයෙන් මුදල් හම්බ කරන්න පෙළඹෙනවා. මරණ දඬුවම කි‍්‍රයාත්මක කරනවා කිවුවත් ඇතැම් අය එයට බය නොවී කුඩු පැකට් එකක් විකුණ ගන්න හදන්නේ ජීවත් වෙන්න ක‍්‍රමයක් නැති නිසා. මෙම ආර්ථික අර්බුදය අද සමාජ අර්බුදයක් බවට පත්වෙලා එය දේශපාලන අර්බුදයක් දක්වා වර්ධනය වෙලා තිබෙනවා. මේ ආණ්ඩුව රටේ ජනතාවගේ ප‍්‍රශ්න විසඳන්න අසමත් බව දිනෙන් දින ඔප්පු කරනවා. තරුණ තරුණියන්ට රැුකියා දශ ලක්‍ෂයක් දෙනවා කිව්වා. බයිසිකලේ යන අයට කාර් එකක් ගන්න ආර්ථිකය හදනවා කිව්වා. අධි කර්මාන්ත කලාප 11ක් ගේනවා කිව්වා. ෆොක්ස්වැගන් කර්මාන්ත ශාලාවක් දානවා කිවුවා. නමුත් මේ ආණ්ඩුවට තරුණ තරුණියන්ට රක්‍ෂාවක් දෙන්න බැරිවුණා. කාර් එකට ගහපු බද්ද වැඩි කළා. ෆොක්ස්වැගන් කර්මාන්ත ශාලාවක් තියා එක කර්මාන්ත ශාලාවක් ආරම්භ කරගන්න ආණ්ඩුවට බැරිවුණා.”

“ජනතාවගේ දුප්පත්කම නැති කරන්න වැඩපිළිවෙළක් ආණ්ඩුවට නැහැ. ජනතාවගේ ජීවන වියදම වැඩිවීමේ ප‍්‍රශ්නයට විසඳුම් දුන්නේ නැහැ. දවසින් දවස අසමත් වුණු මේ ආණ්ඩුව ඡුන්දවලට යන්න බය වුණා. ඒ නිසා ඡුන්ද කල් දාන කි‍්‍රයාමාර්ගයකට යන්න පෙළඹුණා. පළාත් පාලන මැතිවරණය මේ විදිහට විවිධ හේතු ඉදිරිපත් කරමින් කල් දැම්මා. අන්තිමේදී ජනතාවගේ විරෝධය නිසා ඡන්දය පැවැත්වීම සිදුවූ අවස්ථාවේදී ආණ්ඩුවේ නියෝජිතයින් ලවා ඡන්දය කල්දමා ගැනීමට නඩු ගොනු කරන්නත් උත්සාහ කළා. මේ වෙනකොට පළාත් සභා මැතිවරණයත් දිනෙන් දින කල් යමින් තිබෙනවා. මේ වනවිට පළාත් සභා කිහිපයක් කාලය ඉකුත් වෙලා තිබෙනවා. තවත් පළාත් සභා 3ක් ඉදිරි මාස කිහිපය තුළදී විසුරුවා හැරිය යුතුව තිබෙනවා. එම පළාත් සභාවල මැතිවරණය පවැත්විය යුතු වුවත් ආණ්ඩුව තවමත් ඒ පිළිබඳව අවධානය යොමුකර නැහැ. මේ ආණ්ඩුව පළාත් සභා ඡුන්ද ක‍්‍රමය වෙනස් කරන්න පනතක් සම්මත කළා. ඒ අනුව 2017 මාර්තු මාසයේදී ඡුන්දය පවත්වන බවට ආණ්ඩුව පොරොන්දුවක් දුන්නා. නමුත් ආණ්ඩුව සීමා නිර්ණ කටයුතු සම්පූර්ණ කළේ නැහැ. කල්මරලා ගෙනාපු සීමා නිර්ණ කොමිසමේ වාර්තාව 24වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. නමුත් දැන් බරපතළ ප‍්‍රශ්නයක් වෙලා තිබෙන්නේ එම පනත ගෙනාපු ආණ්ඩුවේ කොටස්කාරයෙක් වන එක්සත් ජාතික පක්‍ෂය කොට්ඨාස ක‍්‍රමයට විරුද්ධයි කියන එකයි. මනාප ක‍්‍රමය වෙනුවට කොට්ඨාස ක‍්‍රමයත් කාන්තා නියෝජනය වැඩි කිරීමටත් මේ ආණ්ඩුවම ගෙනාපු පනතට ආණ්ඩුවේ එක් පාර්ශ්වයක් විරුද්ධ වීම බරපතළ ප‍්‍රශ්නයක්. එජාපය කියන්නේ මෙම නව පළාත් සභා පනත ඔවුන්ට සිදුවූ වැරදීමක් බවය. ලොකුම විහිළුව වන්නේ එයයි. ආණ්ඩුව ගෙනාපු පනත මාස 5කින් එජාපයට නරක් වෙන්නේ කොහොමද? අනෙක් විහිළුව වන්නේ සීමා නිර්ණ වාර්තාවට ශී‍්‍රලනිපය එකඟ වීමත් අලූත් පනතට අනුව මැතිවරණය පැවැත්විය යුතු බවට ඔවුන් ප‍්‍රසිද්ධියේ කියා සිටීමත්ය. එයින්ම පේනවා මේ ආණ්ඩුවට දුරදක්නා ප‍්‍රතිපත්තියක් නැහැ කියලා. ආණ්ඩුවේ පාර්ශ්ව දෙකෙන් අභ්‍යන්තර අර්බුද නිසා රටේ පනත් නිතර නිතර වෙනස් කරන්න සිදුවෙනවා. මේ ආණ්ඩුව ජනතාවගේ පරමාධිපත්‍ය බලය එක්ක සෙල්ලම් කරන්න පටන් අරගෙන. මෙහි යටි අරමුණ වෙලා තිබෙන්නේ ඡන්දය කල්දමා ගැනීමයි.”