ලෝකේ බැලන්ස් කරන්න බයිට් එක ලංකාවද……?

0

ජාත්‍යන්තරයේ එක් එක් රටවල් සතුටු කිරීමට හෝ ඔවුන් බැලැන්ස් කිරීමට රටේ සම්පත් හා දේපල විකිණීමට කටයුතු නොකරන ලෙස අගමැතිවරයාගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රි කංචන විජේසේකර පවසනවා.

ඊයේ (23) බොරැල්ල එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ තරුණ පෙරමුණේ මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා.

“අපි දුටුවා කොළඹ හා ත්‍රිකුණාමල වරායට යන ගමනේදී අගමැතිවරයා ඉල්ලීමක් කරනවා ජපාන ඇමැතිවරයාගෙන් ත්‍රිකුණාමල වරායේ ආයෝජනය කරන්න ඉදිරිපත් වෙන්න කියලා. අපිට පෙනෙන්නේ වෙන මොනවත් නෙවෙයි අපිට ජපන් විරෝධයක් නැහැ. ඉන්දියානු විරෝධයක් හෝ චීන විරෝධයක් නැහැ. රාජිත සේනාරත්න කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා කියනවා ඉන්දියාව බැලන්ස් කරන්න මත්තල ගුවන්තොටුපොළ දෙනවා කියලා. චීනය බැලන්ස් කරන්න නම් හම්බන්තොට වරාය දෙන්නේ ත්‍රිකුණාමලය වරාය ලබාදෙන්නේ ජපානය බැලන්ස් කරන්නද කියලා අපි අහනවා. අපිට පේනවා ඉදිරි අනාගතයේදී මේ රටවල් අතර පවතින යම් යම් ගැටලුවලටත් ලංකාව කේන්ද්‍රස්ථානයක් බවට පත්වෙයි.”  මන්ත්‍රීවරයා සඳහන් කළා.

Kanchana Wijesekera