2015 පස්සේ ලැබුණේ වැඩවසම් සමාජයක්….කලාව ගැන හැරිලාවත් බලන්න එපා!

0

මෑත කාලයේ ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කොට ඇති ප්‍රකාශනයේ අයිතියට විරෝධය දක්වමින් “වාරණයේ උදහසට එරෙහිව කලාවේ නිදහස” නමින් මාධ්‍ය හමුවක් ඊයේ (23) CSR හිදි පැවැත් වුණා.

කලාකරුවෝ, විචාරකයෝ සහ සංස්කෘතික ක්‍රියාධරයෝ විශාලපිරිසක් මෙහිදි වත්මන් ආණ්ඩුව විසින් කලා කෘති වාරණය කිරීම සහ ප්‍රකාශන නිදහස උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් විරෝධය පලකරමින් අදහස් දැක්වූවා.

ප්‍රවීන කලාකරු ලූෂන් බුලත්සිංහල,

“අපි හිතුවා 2015 ජනවාරි 08 වෙනිදා මේ සමාජය අලුත් නවීකරණය වූ සමාජයක් කරා කැදවාගෙන යන ප්‍රවාහයක් ආරම්භ වුණා කියලා. අවාසනාවට මම දකින්නේ අපි නැවතත් අර වැඩ වසම් ප්‍රභූත්වය ආරක්ෂා කරන සමාජයක් බවට පත් වෙලා කියලා.”

උපුල් ශාන්ත සන්නස්ගල,

“බුදුන්ගේ රස්තියාදුව කෘතිය පිළිබඳව. ඒ කෘතියේ මුද්‍රණකරුවා මම, ප්‍රකාශකයා මම, බෙදා හරින්නෙත් මම. අපි එදා හැන්දෑවේ පොත එලිදක්වන්න සූදානම් වෙලා ඉන්න කොට මිරිහාන පොලිසියෙන් තුන්දෙනෙක් ඇවිල්ලා අපිව ඉරිහාන පොලිසියට රැගෙන යනවා මමත්, ශ්‍රීනාතුත්, එතැන තිබුණු පොත් 500ත් එක්ක තිබුණ සියල්ලමත් අරගෙන අත්තඩංගුවට අරගෙන මිරිහාන පොලීසියට අරගෙන යනවා. විශාල පිරිසක් ගිහිල්ලා මේක පැහැදිළි කරාම අපිව නිදහස් කරනවා පොලිසියෙන්. එදා මේ උත්සවය තියනවා.”

“දැන් ඉන්නවා සංස්කෘතික ඇමතිවරයෙක්. ඔහු සිංදු එහෙමත් ලියලා තියනවා. සී ඩී එකක් ගහලා තියනවා. ඒ කියන්නේ ඔහු කලාකාරයෙක් වෙන්න උත්සහ කරපු කෙනෙක්. චිත්‍රපටයක් නිෂ්පාදනය කරලා තියනවා. එතුමාගේ නම විජේදාස රාජපක්ෂ. අපිට ප්‍රශ්නයක් තියනවා මේ ඇමතිවරයා සංස්කෘතිකද කියන එක. පළවෙනි එක. ඒ නිසා ඇමතිවරයාට එහෙම ගැටළුවක් තියනවා නම් ඕනෑම වෙලාවක සංවාද කරන්න පුළුවන්. අපිට ප්‍රශ්නයක් නෑ, අගමැති කවුද, ජනාධිපති කවුද ආණ්ඩුව මොකද්ද කියලා. වාරණය කරනවා නම් එහෙම ඒක කලාකරුවාගේ සම්පූර්ණ අයිතිය.”

ජගත් මනුවරණ,

“දැන් අපිට ආණ්ඩුවෙන් ඉල්ලන්න තියෙන්නේ ඔයාලගෙන් කිසිම උදව්වක් මේ කලාකරුවන්ට එපා කියන එක. කිසිම උදව්වක් ඕන නෑ. අපිට කරන්න පුළුවන් එකම උදව්ව තමයි කලාව, සංස්කෘතිය දිහා හැරිලාවත් බලන්නේ නැතුව ඉන්න එක.”