එක්සත් ජාතික පක්ෂයයි, ඒකාබද්ධ විපක්ෂයයි කවදාවත් තමන් ගැන හිතුවේ නෑ… රට ගැනයි හිතුවේ!

2

අද පවත්වන ඡන්ද විමසීමේදි සීමා නීර්ණ කොමිසම් වාර්තාව පරාජය කිරීමට එක්සත් ජාතික පක්ෂය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි කවින්ද ජයවර්ධන සඳහන් කරනවා .

අද (24) ඒ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

“එක්සත් ජාතික පක්ෂය හැටියට අපි ප්‍රතිපත්තිමය තීන්දුවක් අරගෙන තියනවා අද පැවත්වීමට නියමිත මේ කොට්ඨාස හා සීමා නීර්ණය කිරීම හෙවත් එක් කොට්ඨාසයකට එක් මන්ත්‍රිවරයෙක් පත් කිරීමට විරුද්ධව ඡන්දය දීලා මේ මැතිවරණය මනාප මැතිවරණයක් බවට පත් කරන්න අවශ්‍ය වැඩ කටයුතු ක්‍රියාත්මක කරන්න. මේ ගත වෙච්ච අවුරුදු 3 තුල පලවෙනි වතාවට එක ස්ථාවරයකට එනවා, ඒකියන්නේ ඒකාබද්ධ විපක්ෂයට මෙන්ම එක්සත් ජාතික පක්ෂයට හැකියාව තියනවා රටේ උන්නතිය වෙනුවෙන් රටේ අවශ්‍යතාවය වෙනුවෙන් රටේ යහපත සඳහා තීන්දු තීරණ ගැනීමේදි තමන් ගැන හිතන්නේ නැතුව, ආත්මාර්ථකාමි වෙන්නේ නැතුව තනි මතයකට ඇවිල්ලා, එක වේදිකාවක ඇවිල්ලා ඒ තීන්දුව ගන්න.” මන්ත්‍රිවරයා පවසා සිටියා.

Kavinda Jayawardena



2 COMMENTS

  1. Excellent post. I was checking constantly this blog and I’m impressed!
    Extremely helpful information specifically the last
    part 🙂 I care for such information much.
    I was looking for this certain info for a long time.
    Thank you and good luck.

Comments are closed.