පොත්, නාට්‍ය තහනම් කරන්න පෙර හරියට හිතන්න – ජවිපෙ වගේ වලිගේ පාග ගන්න එපා!

0

විවිධ කලා කෘති සම්බන්ධයෙන් වාරණ පැනවීමට පෙර ඒ පිළිබඳව නැවත නැවතත් සලකා බලන ලෙස තමන් සංස්කෘතික අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බව මුදල් අමාත්‍ය මංගල සමරවීර සඳහන් කරනවා.

පාර්ලිමේන්තුවේ දි අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

“සමහර වෙලාවට කලාවෙන් ඇහෙන දේ හැමදේම අපිට මිහිරි නොවුනත් කලාකරුවාට ඒ තමාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය පිළිබඳව අගයන්න ඕන. අන්න ඒ නිසා තමයි මම අපේ සංස්කෘතික ඇමතිතුමාගෙනුත් ඉල්ලන්නේ කරුණාකරලා මේ විවිධ රචනා විවිධ නාට්‍ය වාරණය කිරීමේ ප්‍රතිපත්තිය ගැන නැවතත් හිතන්න කියලා. ඊයේ පෙරේදා ගුවන් විදුලි නාට්‍යයක් සම්බන්ධයෙන්, විශාල විකෘති කිරීමක් මේක බෞද්ධාගමට විරුද්ධයි කියලා මේ පාර්ලිමේන්තුවට ආපු දේශපාලන භික්ෂූන් වහන්සේනමක් කිව්වා. මොකද්ද මේ අය විරුද්ධ වුණේ තරුවන්ගේ සරණයි කියන වචනයට. මම ඒ වචනේ ගැන හොයලා බැලුවා. ඇත්තෙන්ම බෞද්ධයෙක් විදියට කළ යුතු යමක් තමයි මේ නාට්‍යයෙන් කියවන්නේ. අද අපේ සමාජයේ මේ තෙරුවන්ගේ සරණ යන්නේ නැතුව මේ නළු නිළියන් පස්සේ යන එක ගැන තමයි කියවෙන්නේ. ඇත්ත වශයෙන්ම බෞද්ධයෝ විදියට කියන්න ඕන දේ තමයි කියන්නේ.”

අනුර කුමාර මන්ත්‍රීවරයා: “දැන් අපිද ඕක තහනම් කරලා තියෙන්නේ. ඔබතුමාගේ ආන්ඩුව නෙමෙයිද?

“දැන් ඔබතුමා මගේ කතාව අහන් ඉන්නේ නෑනේ. ඕක තමයි ජනතා විමුක්ති පෙරමුණේ වරද. හැමදාම භාගයක් අහලා වලුගේ පාග ගන්නවා.”

Mangala Samaraweera