UNP ශ්‍රිලංනීප හොරු බේරනවා……ශ්‍රිලංනීපය UNP හොරු බේරනවා….

0

ශ්‍රී .ල.නි.ප. ආණ්ඩු කාලයේදී එ.ජා.ප. හොරුන්ට දඬුවම් නොදුන් බවත්, එ.ජා.ප ආණ්ඩු කාලයේදී ශ්‍රී .ල.නි.ප. හොරුන්ට දඬුවම් නොදුන් බවත් තිත්ත ඇත්ත මෙය බවත් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ පවසනවා.

පසුගියදා කොළඹ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැඩමුළුවක් අමතමින් ආණ්ඩුකාරවරයා මේ බව පවසා සිටියා.

“මේ රටේ ඓතිහාසික මහ බැංකු කොල්ලය සොයා ගත්තේ ජනාධිපතිතුමාගේ නිර්භය අව්‍යාජ ප්‍රතිපත්ති නිසයි. මේ ආණ්ඩුව තුළ ජනතා විරෝධී, ප්‍රතිගාමී, අධිරාජ්‍යවාදී වැඩ පිළිවෙළවල් පරාජය කර ජනතාවාදී වැඩ පිළිවෙළකට යන්න පුළුවන්කම ලැබී තිබෙන්නේ ජනාධිපතිතුමාගේ තිරිංග තද කිරීම නිසයි. එසේ නොවන්න අද මේ රට ගමන් කරන්නේ කොහාටද කියා කාටවත් සොයා ගන්න පුළුවන් වන්නේ නෑ.අද වන විට ජනාධිපතිතුමාට හොඳට බැනලා පෝස්ටර් ගහලා ගෙදර ගිහින් හොඳට නිදා ගන්න පුළුවන් සමාජ රටාවක් ඇති වී තිබෙනවා.”

“අද වන විට කිසිදු පක්ෂයක් තමන්ගේ ජනාධිපති අපේක්ෂකයා කවුද යන්න ප්‍රකාශ කරල නැහැ. එයට ප්‍රධාන හේතුව වෙන්නේ හැම තැනම අවුල් වියවුල්, මතභේද, ගැටුම් තිබෙන නිසයි. එහෙම නොවේ නම් අපේ පක්ෂයේ අපේක්ෂකයා අහවලා යයි පැහැදිලිව නිර්භයව අද වන විට කියන්න පුළුවන්කම හැම පක්ෂයකටම තිබිය යුතුයි. ඒ අනුව නිර්භයව හා පැහැදිලිවම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා මෛත්‍රිපාල සිරිසේන මහතා බව මේ වන විට අපේ පක්ෂය ප්‍රකාශ කර අවසානයි.” ආණ්ඩුකාරවරයා වැඩි දුරටත් පවසා සිටියා.

Reginald Cooray