හැම ආණ්ඩුවක්ම තමන්ගේ බලය රැකගන්න මිනිස්සු මරලා දැම්මා…..මෛත්‍රිට තියන එකම හිසරදය මමයි මහින්ද මහත්තයයි!

6

මේ රටේ පත් වුණා සෑම ආණ්ඩුවක්ම තමන්ගේ බලය ආරක්ෂා කර ගැනීමට මිනී මැරුම් වැනි ක්‍රියාවන් සිදු කළ බවත් එක් ආණ්ඩුවකට පමණක් ඇගිල්ල දිගු කිරීම සාධාරණ නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම පවසනවා.

පසුගියදා අගලවත්තේදී පැවැති ජනහමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

“විශ්වවිද්‍යාල ශිෂ්‍ය ත්‍රිමා විතාන ශිෂ්‍යයාගේ ඔළුවට පරාල ඇණ ගහලා මැරුවේ එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව බව දැන් සමහර අයට අමතකයි. මේ විදියට යූ.එන්.පී. ආණ්ඩුව මිනීමැරුම් ගණනාවක් සිදු කළා. බටලන්ද වධකාගාරය අමතක නැහැ. දැන් මේවා සමහර අයට අමතක වෙලා වගෙයි කතා කරන්නේ. ඒ නිසා අපි මේවා මතක් කර දිය යුතුයි.”

“මම කෙළින් කතා කරන කෙනෙක්. මහින්ද රාජපක්‍ෂ මහත්තයා වැරැදි දෙයක් කිව්වොත් මම එතුමාගේ ළඟට ගිහිල්ලා ගෙදරට ගිහිල්ලා ඒක කියනවා. එතුමා හරි දෙයක් කියනකොට මම අත්දෙකම උස්සලා එතුමා සමඟ ඉන්නවා. මහින්ද රාජපක්‍ෂ වෙල්ගමගේ හැටි දන්නවා. වෙල්ගම කියන්නේ මගේ නෑදෑයෙක් කියලා මහින්ද මහත්තයයි, ගෝඨාභය මහත්තයයි කියන්නේ අන්න ඒ නිසයි. වෙල්ගම මේ දේවල් කියන්නේ මහින්ද රාජපක්‍ෂලාට තියෙන ආදරය නිසා බව එතුමන්ලා දන්නවා. අපිට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක්. ආණ්ඩුව විතරක් නෙවෙයි ජනාධිපතිව වුණත් විවේචනය කරලා ගෙදර ඇවිල්ලා බය නැතිව නිවී සැනසිල්ලේ නිදාගන්න පුළුවන් නායකයකු අපට අවශ්‍යයි. මම අවස්ථාවාදියකු නම් එදා මම ඉල්ලන ඇමැතිකමක් මෛත්‍රිපාල සිරිසේන මහත්තයාගෙන් ලබාගන්න තිබුණා. මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ඇරුණාම මෛත්‍රිපාල සිරිසේන මහත්තයාට තියෙන ලොකුම ඔළුවේ කැක්කුම මමයි.” මන්ත්‍රීවරයා පවසා සිටියා.

Kumara Welgama



6 COMMENTS

  1. Very good written information. It will be brneficial to anybody whho usess it, as well as me.
    Keep up the good work – looking forward tto more posts.

  2. I do not even know the way I finished up right here, but I thought this publish used to be good.

    I do not recognise who you are however certainly you’re going to a famous blogger should you

    are not already. Cheers!

Comments are closed.