වැසිකිළි ඇමතිටයි, පොලිටිකල් ජෝකර්ලටයි 2020 දි ජනතාව නියම පාඩමක් උගන්වනවා ඒකාන්තයි!

0

දේශපාලනය විහිලුවක් බවට පත් කොට ගෙන ක්‍රියා කරන පොලිටිකල් ජෝකර්ලාට 2020 දි ජනතාව ඒකාන්තයෙන්ම පාඩමක් උගන්වන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසනවා.

සැමට සෙවණ යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහනේ 112 වැනි ආදර්ශ ගම්මානය අද (28) ජනතා අයිතියට පවරා දීමේ උත්සවය අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

“වායු සමීකරණය කරපු වැසිකිලි ඇමතිවරයා කියනවා සජිත්ගේ වස්ත්‍රය ගල්වන්න එයාට අසාවක් තියනවා කියලා. අපි හැමෝම දන්නවා එතුමා ඇමතිවරයෙක් වෙලා හිටපු කාලයේ මුළු ලෝකයා ඉදිරියේම වස්ත්‍රය ගලවපු ආකාරය. එදා එක්සත් ජාතින්ගේ සංවිධානයේ කාර්‍යාලය ඉදිරිපිට කරපු බොරුව දිගින් දිගටම ගෙනියන්න බැරි වුණා. හිටපු ජනාධිපතිතුමා ඇවිල්ලා බොරුවට තැබිලි ටිකක් පොවලා ඒ මහා මාරාන්තික උපවාසය අවසන් කළා. ඔය පොලිටිකල් ජෝකර්ලට 2020 දි මේ රටේ ජනතාව නියම පිළිතුර ලබා දෙනවා ඒකාන්තයි.” අමාත්‍යවරයා පවසා සිටියා.

Sajith Premadasa