එල්ටීටීඊ ආයුධ තියන මුස්ලිම් දේශපාලකයින් ඉන්නේ ආණ්ඩුව තුරුලේද? මේවට විසදුම් දෙන්න ඕන

0

පුනුරුත්තාපනය වූ කොටි සාමාජිකයන් සඳහන් කළ පරිදි එල්ටීටීඊ සංවිධානයේ ආයූධ ලඟ ඇති මුස්ලිම් දේශපාලකයන් කෙරෙහි ආණ්ඩුව විසින් පියවර නොගන්නේ මන්දැයි ජාතික නිදහස් පෙරමුණේ මොහොමඩ් මුසම්මිල් සඳහන් කරනවා.

ඊයේ (28) පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් ඔහු මේ බව සඳහන් කර සිටියා.

“විමුක්ති කොටි නමින් එල්ටීටීඊ සංවිධානයේ සිට පුනරුත්තාපනය වූ පිරිසක් ප්‍රකාශ කළා සංවිධානය සතුව පැවති ආයුධ විශාල ප්‍රමාණයක් මුස්ලිම් දේශපාලකයන් වන රිෂාද් බුදුයුඩීන්, හිස්බුල්ලා ඇතුළු දේශපාලයකයන්ට ලබා දුන්නා කියලා. ආයුධ 5000කට වැඩි ප්‍රමාණයක් මේ දේශපාලකයින්ට ලබා දිලා තියනවා කියලා තමයි ප්‍රකාශ කළේ. ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයක් මේක. ආණ්ඩුව මේ සම්බන්ධයෙන් නිසි ප්‍රතික්‍රියා නොදක්වන්නේ මේ ආයුධ ලබා ගත්ත දේශපාලකයින් පිරිස ආණ්ඩුව ඇතුලේ රැකවරණය ලබන නිසාද? ප්‍රභාකරන් පිස්තෝලයකින් වෙඩිතබා ඇල්ෆඩ් දොරේ අප්පා ඝාතනය කරලා පටන් ගත්ත ඒ සංස්කෘතිය දෙමළ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලකයින් සියල්ල ඝාතනය කරලා සම්බන්ධන් සුමන්තිරන් වගේ තමිල් චෙල්වම්ලාගේ පදයට නටන දේශපාලන පරඩැල් ටිකක් විතරයි ඉතුරු කළේ. මුස්ලිම් සමාජයටත් මේ ඉරණම අත් කරන්න ද මෙ හදන්නේ. ඒ නිසා ජනාධිපතිතුමා තේරවිලි කිය කිය ඉදලා හරියන්නේ නෑ. අගමැතිතුමා විකාර කිය කිය ඉදලා හරියන්නේ නෑ. මේවට විසදුම් දෙන්න ඕන.” ඔහු සඳහන් කර සිටියා.