පාර්ලිමේන්තුවේ 225න් 50ක් ඉන්නේ ජනාධිපති වෙන්නලු…..මහින්ද එලවපු අපිට මේ ලපයි සිපයි කජ්ජක් නෙමෙයි!

2

2020 දි වමේ පාලනයක් ඇති කිරීමට නොව ප්‍රතිපත්තියක් ඇති ආණ්ඩුවක් තැනීමේ ක්‍රියාවලිය ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ කොට ඇති බව  පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක පවසනවා.

පසුගිය දා ඇහැලියගොඩ දි පැවති ‘රට රකින රට හදන ජනතාවාදී පාලනයක්’ සම්මන්ත්‍රණය අමතමින් මන්ත්‍රීවරයා මේ බව පවසා සිටියා.

“මේ පාලකයෝ මේ තැනට එව්වේ කවුද? පාර්ලිමේන්තුවේ ඉන්න අන්තිම දූෂිත ජඩ දේශපාලකයාත් මෙතනට ඇවිත් ඉන්නෙ ජනතාවගෙ ඡන්දෙන්.ගේට්ටුව කඩාගෙන, ගේට්ටුවට උඩින් ආව කෙනෙක් ඉන්නවාද? කවුරුවත් බලහත්කාරයෙන් ඇවිල්ලා නැහැ. රට රැකගන්න නම් රට හදාගන්න නම් රටට ආදරේ කරන සියලු දෙනා එකතු කර ගත යුතුයි. එය ඔබට කරන්න පුළුවන්. අල්ලපු ගෙදර කෙනා සමඟ මේ ගැන කතා කරන්න.”

“ජනාධිපති තනතුර අහෝසි කරන බවට පොරොන්දු වෙවී ජනාධිපතිවරු 5ක් පත් වුණා. මේ හැම කෙනාම ජනාධිපති තනතුර රට බෙදන කටයුතුවලට යොදා ගත්තා. කොටින්ට මුදල් දුන්නා. උතුරු නැඟෙනහිර එකතු කළා. ආයුධ දුන්නා. මේ හැම කරුණකදීම ජනතාව හිතන්නේ ජනතාවගේ පැත්තෙන් නෙවෙයි. ශ්‍රී ල.නි.ප.ය හෝ එ.ජා. පක්‍ෂයෙන් තමන්ගේ පක්‍ෂයේ මතය හැටියටයි.”

“ඉදිරියේදී පාර්ලිමේන්තුවේ ඉන්න 225න් 50ක් විතර හිතා ඉන්නේ ජනාධිපති වෙන්න. එ.ජා.ප.යේ මන්ත්‍රිවරයෙක් මා සමඟ කිව්වා එ.ජා. පක්‍ෂයේ 25ක් විතර ඉන්නවලු ජනාධිපති වෙන්න බලාගෙන. නිකම් හිටි මෛත්‍රිට පුළුවන් වුණා නම් ඇයි අපිට බැරි කියලා ඔවුන් කියනවලු.”



2 COMMENTS

  1. It will retain about 30-80% of its nutritional value,

    according to the company, and can be sprinkled atop yogurt

    or ice cream, used in baking or blended into smoothies.

Comments are closed.