අපි හොරු කිව්වාට, හොරකම් කළේ නීතියට අනුව!

0

බැදුම්කර ගණුදෙණුව වංචාවක් යැයි පවසමින් එක්සත් ජාතික පක්ෂයට චෝදනා එල්ල කළද එම ගණුදෙණුව සිද්ද වී ඇත්තේ නීතියට අනුව බව පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරි පවසනවා.

බණ්ඩාරවෙල ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.

“එක්සත් ජාතික පක්ෂයේ අපේ කර පිට පැටෙව්වා අර බැදුම්කර ගණුදෙණුව අද කවුද වැරදිකරු වෙලා තියෙන්නේ. ඒ සමාගමේ කණ්ඩායමක් අහු වෙලා ඉන්නවා. ඒ අයට ඇප ලැබෙනවා. හැබැයි මතක තියා ගන්න ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කියනවා බැදුම්කර ගණුදෙනුවේ තියන සියළුම වංචා දූෂණ වලට රටේ තියන වංචා දූෂණ නීතියත් එක්ක දඬුවම් දෙන්න බෑ කියලා. අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියනවා ජනාධිපති කොමිසමේ කිසිම දෙයකට දඩුවම් දෙන්න බෑ කියලා. එහෙමනම් එක්සත් ජාතික පක්ෂයේ අපේ කණ්ඩායම මහ බැංකුව කැඩුවා කැඩුවා කිව්වාට රටේ පවතින නීතිය අනුව කටයුතු කරන්න බැරි නම්, ඒ කියන්නේ මේක රටේ නීතිය අනුව සිදු වෙලා තියෙන්නේ. මහින්ද රාජපක්ෂ යුගයේ 2008 ඉදලා පැවත ආපු ක්‍රමවේදයට මේක කළා. නමුත් අපි රටේ පාලනය හොදට ගෙනියන නිසා අපිටත් අපේ කණ්ඩායමටත් මඩ ගහන්න තමයි මේකෙන් කටයුතු කළේ. මම මේක බොහෝම වගකීමෙන් කියන්නේ. මම මතකයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව ඉදිරිපත් කරලා කියනවා මේකට අලුතින් නීති ගෙනල්ලා පාර්ලිමේන්තුවේ සම්මත කරලා මේකට දඩුවම් දෙන්න පුළුවන් කියලා හැබැයි එහෙම කරන්න බෑ.” මන්ත්‍රිවරයා පවසා සිටියා.