ඇමතිවරුන්ට පුළුවන්ද රාජපක්ෂලාට ජම්පර් අන්දන්න?

1

නීතිය ආධිපත්‍ය ආරක්ෂා කරන බවට ප්‍රතිඥා දී බලයට පැමිණි වර්තමාන රජයම නීතිය අවභාවිත කරමින් පවතින බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

ශ්‍රි ලංකා එයාර් ලයින්ස් සහ මිහින් ලංකා ගුවන් සේවාවල අක්‍රමිකතා විමර්ෂණය කිරීමේ ජනාධිපති කොමිසමට ප්‍රකාශයක් දීමට අද (29) උදෑසන පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න හමුවේ පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව පවසා සිටියා.

“මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාව තමයි මුළු රටම ඉල්ලන්නේ. ඉතින් එතුමාට ජනාධිපතිවරයා වශයෙන් නැවත ඉල්ලන්නට බැරි නම් ඉල්ලන්න පුළුවන් එකම තනතුර තමයි අගමැති තනතුර. ඔහුගේ නායකත්වය තමයි අපේ බලාපොරොත්තුව ඔහු අගමැතිවරයා වෙනවානම් කවුරු ජනාධිපති වුණත් කමක් නෑ. ඕන කෙනෙකුට අවස්ථාව තියනවා කැමති කෙනෙකුට.”

“මේ වගේ ප්‍රජාතන්ත්‍ර විරෝධි රජයක්. දේශපාලන පලිගැනීම් සිදු කරන රජයක්. නීතියේ ආධිපත්‍ය ප්‍රවර්ධනය කරනවා කියලා ඇවිත් එක පවුලකින් පලිගන්න හදන රජයක්. දැන් ඔක්කෝම ඇමතිවරු කියන්නේ අපි රාජපක්ෂවරුන්ට ජම්පර් අන්දනවා කීයලානේ. එහෙම ඇමතිවරුන්ට පුළුවන් ද අපිට ජම්පර් අන්දන්න. ඒ වගේ නීතිය අසාධාරණ ලෙස පාවිච්චි කරන රජයක්. ආර්ථිකය කඩා දාපු රජයක්. පාතාලය සහ කුඩු රජ කරපු රජයක්. මෙවැනි රජයකට විරුද්ධව ජනතාව පෙළ ගැස්වීම තමයි ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය. ඒ නිසා කොළඹට ජන බලය ගෙන්වන ඒ ක්‍රියාවලියට අපි ඔක්කෝම ඉන්නවා.” හිටපු ආරක්ෂක ලේකම්වරයා පවසා සිටියා.

Gotabhaya Rajapaksa



1 COMMENT

Comments are closed.