දෙකේ පන්තියේ ඒකාබද්ධය බොරු බේගල් වලින් ජනතාව රවටලා රාජපක්ෂලාට කඩේ යනවා

0

සිංගප්පූරු ශ්‍රි ලංකා වෙළද ගිවිසුම ගැන ඒකාබද්ධ විපක්ෂය අසත්‍ය ප්‍රචාර සිදු කරමින් පවතින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂණ රාජකරුණා ප්‍රකාශ කරනවා.

ඊයේ (29) සිරිකොත දි පැවති මාධ්‍ය හමුවක් පවත්වමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළා.

“ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම මේ ගෙනියන දෙකේ පන්තියේ ක්‍රියාවලිය අපි හෙලා දකිනවා. ඊයේ දිනයේදිත් ඒ වගේ දෙයක් වුණා. ඊයේ මාධ්‍ය සාකච්ඡාවෙදි කිව්වා මේ BUSINESS TIMES කියන සඟරාවේ ඉතා පැහැදිළිව තියනවා ලු අපද්‍රව්‍ය පිළිබඳව තියන ප්‍රශ්නය. මේකේ ඉතා පැහැදිළිව තියනවා සිංගප්පුරුවේ අපද්‍රව්‍ය ඉතා ලොකු ගැටලුවක් වෙලා තියනවා කියලා. දැන් හාස්‍යජනක දේ තමයි මේක ශ්‍රි ලංකා සිංගප්පූරු ගිවිසුම එක්ක සම්බන්ධ කරලා තියෙන්නේ. මම අහන්න කැමතියි ශ්‍රි ලංකා කියන වචනය මේ ප්‍රතිකාවේ එක තැනකවත් තියනවා ද කියලා. ඉතා පැහැදිළිවම කියන්න ඕන වෙළඳ ගිවිසුමක් ගහපු පලියට මේ සෑම දෙයක්ම ගේන්න බෑ.”

ඉන්න වෘත්තිකයෝ ඔක්කෝම මේකට විරුද්ධයිනේ මන්ත්‍රිතුමා?

“උගත් බුද්ධිමත් හැමෝම මේකට විරුද්ධ නෑ. ඉතා පැහැදිළි දේශපාලන හස්තයක් අගින් යම් යම් සංවිධාන ක්‍රියාත්මක වෙනවා. ඒ සංවිධාන උගත් බුද්ධිමත් පිරිස කියලා පෙන්නන්න හදනවා. නමුත් ඒක පිටිපස්සේ ඉන්නේ රාජපක්ෂවරු.”

Harshana Rajakaruna