රාජ්‍ය සේවය, විශ්‍රාම වැටුප රජයට බරක්…..රජයේ රැකියාම බලාපොරොත්තු වෙන්න එපා!

1

තරුණ තරුණියන් රජයේ රැකියාම බලාපොරොත්තු නොවිය යුතු බවත් රජයේ රැකියා සීමිත බවත් ඇමැති රවීන්ද්‍ර සමරවීර පවසනවා.

පසුගියදා අම්පාර ප්‍රදේශයේ පැවති උත්සවය අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

“තරුණ තරුණියන් සියලූ දෙනාම රජයේ රැකියා බලාපොරොත්තුවීම ඉටුකිරීම ටිකක් දුෂ්කරයි. රාජ්‍ය සේවයේ තිබෙන පුරප්පාඩු ප‍්‍රමාණය සීමිතයි. ඊට ලොකු තරගයක් තියෙනවා. මේ ළඟදී වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ කාර්යාල කම්කරුවන් දාහත් දෙනකු ගන්න සම්මුඛ පරීක්‍ෂණ කැඳෙව්වා. එක්ලක්‍ෂ තුන්දහක් ඉල්ලූම්පත් එවා තිබුණා මාස එකහමාරක් සම්මුඛ පරීක්‍ෂණ පැවැත්වුණා. මිලියන ගණනක් අමාත්‍යාංශය වියදම් කළා. සම්මුඛ පරීක්‍ෂණයට පැමිණි බොහෝ දෙනෙකු රස්තියාදු වුණා. රාජ්‍ය සේවයේ කියන ස්ථානවලට යන්න ඕනේ. ඔය අය යන්න කැමැතිද බොහෝ දෙනකු යන්න කැමැති නැහැ. පෞද්ගලික අංශයේ රැකියාවලටත් සමහරු අකමැතියි.”

“මේ ආකල්ප නැති කිරීම සඳහා මම සියලූ අදාල පාර්ශ්ව සමඟ සාකච්ඡා කොට පාසලේ උසස් පෙළ පන්තියෙන් වැඩසටහනක් ආරම්භ කළා. එහිදී අපි ඒ දරුවන් දැනුවත් කරනවා. රාජ්‍ය අංශයේ තියෙන පුරප්පාඩු සීමිත බව. පෞද්ගලික අංශයේ තිබෙන පුරප්පාඩු සහ ඒවාට තිබෙන වරප‍්‍රසාද ගැන දැනුවත් කරනවා. බොහෝ දෙනකු රාජ්‍ය අංශයට පැමිණෙන්නේ විශ‍්‍රාම වැටුප නිසයි. නමුත් ඉකුත් දින අපේ අමාත්‍යාංශයට පැමිණි ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිත පිරිසක් පෙන්වා දුන්නේ තව වසර විසිපහකින් පමණ මෙම විශ‍්‍රාම වැටුප් ගෙවීම් වැනි දේවල් අර්බුදයකට යන බවයි. ඊට හේතුව එම අරමුදල්වල තිබෙන හිඟකම නිසාද බවයි. එහිදී අපේ අධ්‍යක්‍ෂ ජනරාල් පෙන්වාදුන්නා අපේ රටේ රාජ්‍ය සේවකයන් දාහතර ලක්‍ෂයක් පමණ සිටිනවා. ඉන් හය ලක්‍ෂයක් පමණ විශ‍්‍රාම වැටුපට ඇතුළත්වී සිටින බව. දැන් ලෝකයේ වැඩිහිටි ජනගහනය වැඩිවෙමින් පවතිනවා.”

“අපේ රටේ විශ‍්‍රාමය හැටේ සිට ගෙවනවා. එම පුද්ගලයා ජීවත්ව සිටින කල් ගෙවන්න සිදුවෙනවා. ඒ නිසා මේ අරමුදල ප‍්‍රසාරණය කරන්න කැමැත්තෙන් හෝ අකමැත්තෙන් සිදුවෙන බව ලෝක බැංකු නිලධාරීන් පෙන්වා දුන්නා. රාජ්‍ය සේවයට බැඳුණු පුද්ගලයා දුර ඈත ප‍්‍රදේශවල ගිහිල්ලා වැටුපෙන් මුදලක් ඉතිරිකර ගත හැකිද එහිදී තෘප්තිමත් සේවයක් කළ හැකිද, ඒ නිසා රාජ්‍ය සේවය වගේම දැන් පෞද්ගලික අංශය ගැනත් සිතන්න අවශ්‍යයි. රාජ්‍ය සේවයේ වසර තිස් පහක් සේවය කිරීමෙන් පසු ලබන වැටුප පෞද්ගලික අංශයේ දක්‍ෂ ලෙස සේවය කළොත් වසර දෙකකින් ලබාගත හැකියි. මේවා ගැන අපිම තමයි සිතන්න ඕනේ.” අමාත්‍යවරයා පවසා සිටියා.

Ravindra Samaraweera



1 COMMENT

Comments are closed.