05 වෙනිදා කොළඹ අඩාලයි!

0

ඒකාබද්ධ විපක්ෂය විසින් එළඹෙන (05දා) කොළඹදී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණය කොළඹ පාසල් ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන බොහෝමයක කටයුතු අඩාලවනු ඇතියි විශ්වාස කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර පවසනවා.

අද (30) ඒකාබද්ධ විපක්ෂය විසින් කැඳවා තිබු මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කර සිටියා.

රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල වෘත්තීය සමිති, ගුරුවරුන්, නීතිඥයන්, වෛද්‍යවරුන්, පාසල් වෑන් රථ, දුම්රිය, බස්රථ ඇතුලු බොහෝ පාර්ශ්ව මෙම උද්ඝෝෂණයට එක්වන බවද මන්ත්‍රීවරයා සඳහන් කළා

මෙම තත්ත්වය මත එදින බදාදා දිනයක් වුවද රාජ්‍ය ආයතනවලින් ජනතාවට සේවා සපයා ගැනීමට නොහැකි වනු ඇති බවද ඔහු පවසා සිටියා.

උද්ඝෝෂණයට සහභාගිවීමට කොළඹට පැමිණෙන ජනතාව පාලනය කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට හා වෘත්තිය සමිති නායකයන්ට වගකීම් පවරා තිබෙන බවද හෙතෙම පවසා සිටියා.