ආණ්ඩුවෙන් එලියට ආවේ නැත්නම් ශ්‍රිලංනීපය සිරිකොතේ මුර බල්ලෝ වෙනවාමයි!

0

එන්ටර්ප්‍රයිස් ශ්‍රි ලංකා හරහා මොනරාගල ජනතාවට කිසිදු  ව්‍යවසායක් ලැබී නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා පවසනවා.

ඊයේ (30) පැවති මාධ්‍ය හමුවකදි අදහස් දක්වමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන්කළා.

“මේ එන්ටර්ප්‍රයිස් ශ්‍රි ලංකා එකෙන් කිසිම එන්ටර්ප්‍රයිස් එකක් ලැබෙන්නේ නෑ මොණරාගල ජනතාවට. ඒකෙන් හොඳ හොද එන්ටර්ප්‍රයිස් ලැබෙනවා හල්ලොලුවට, මේකෙන් හොද හොද ප්‍රයිස් ලැබෙනවා අනිත් අලි ඔලුව වියන්ගොඩ ගේ බෑනගේ කොම්පැනියට. තව මේකෙන් හොඳ හොඳ ප්‍රයිස් තව අලි ඔලුවන්ට ලැබෙනවා අලි පාර්ක් එකේ. ”

“අපි 41 දෙනාම ජනාධිපතිතුමා මූලස්ථානයේ තියාගෙන තීන්දුවක් ගත්තා. අගමැතිතුමා ඉල්ලා අස්වෙන්න ඕන කියලා කිව්වේ, අද එක එක මොංගල් කතා කිව්වත් එදා ඒක අගමැතිතුමාට ගිහින් කිව්වේ නිමල් සිරිපාල මැතිතුමා. නිමල් සිරිපාල මැතිතුමා අගමැතිට අයින් වෙන්න කියලා කිව්ව එක එතුමාට අමතකයි නම් මොනවා හරි බෙහෙත් ගන්න ඕන. ඒක එතුමාට තියන රෝගයක්. ආණ්ඩුවෙන් ඉතාම ඉක්මණින් එළියට ආවේ නැත්නම් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සිරිකොතේ ඉන්න මුර බල්ලෝ බවට පත් වෙනවා. ස්ථීර වශයෙන් ප්‍රතිසංවිධානයක් වුණේ නැත්නම් අපි ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලනවා. ඈවරයි, දෑවරයි, තුන් ඈවරයි.” මන්ත්‍රිවරයා පවසා සිටියා.

Dilan Perera