සීමානිර්ණ සමාලෝචන කමිටුව ඡන්ද කල්දැමීමේ උපක්‍රමයක්!

0

පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිළිබඳ නිර්දේශ ලබාදීම සඳහා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පත්කිරීමට නියමිත කමිටුවද ඡන්ද කල්දැමීමේ උපක්‍රමයක් මිස විසඳුම් මගක් නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසයි.

පුවත් පතක දේශපාලන සාකච්ඡාවට එක් වෙමින් ඒ මහතා මෙම අදහස පළ කර තිබෙන්නේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිළිබඳ නිර්දේශ ලබාගැනීමට අගමැතිවරයාගේ මූලිකත්වයෙන් කමිටුවක් පත්කිරීමට කතානායකවරයා තීන්දු කිරීම ගැන අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සදහන් කර ඇත්තෙ නව මැතිවරණ ක්‍රමය බිහි කළ ආණ්ඩුව තුළම පක්ෂ වශයෙනුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ කණ්ඩායම් වශයෙනුත් මතභේදයක් නිර්මාණය වී ඇතැයිද පළාත් සභා මැතිවරණය කල්යන්නේ එහි ප්‍රතිපලයක් ලෙස බවයි.

අගමැති කමිටුවෙන් සිදුවන්නේ තවත් මාස දෙකක් කල්මැරීම බවත් එජාපය පැරණි ඡන්ද ක්‍රමයටත් ශ්‍රීලනිපය නව ඡන්ද ක්‍රමයටත් කැමැති තත්ත්වයකදී ස්ථිරසාර විසඳුමකට යෑමට එමගින් අවස්ථාව උදාවීම සැක සහිත යැයිද මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

පාර්ලිමේන්තුවේදී පළාත් සභා මැතිවරණ සීමානිර්ණ වාර්තාව පරාජයට පත්වීමෙන් පසු කථානායක කරු ජයසූරිය විසින් පත් කළ සීමානිර්ණ සමාලෝචන කමිටුවක් පත් කළ අතර, එහි සභාපතිත්වය දරනුයේ අගමැති රනිල් වික්‍රමසිංහයි.

පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ තීරණයන් ගැනීම සඳහා පත් කෙරුණු සීමානිර්ණ සමාලෝචන කමිටුවේ පියවර පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගේ බහුතර එකඟතාවය මත ගැනීමට සැලසුම් කර ඇති අතර දැනට සම්මත කර තිබෙන පනත අනුව පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා සංශෝධන දෙකක් ගෙනවිත් උප‍ලේඛන අනුමත කරගත යුතුව තිබේ.

මේ පසුබිම යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට දැනට නීතියක් නොමැතිය යන්න කමිටු සාමාජිකයන්ගේ මතය වි ඇති අතර මේ අතර කුමන තත්ත්වයක් යටතේ වුවද පළාත් සභා ඡන්දය කල් දැමීමට අදහසක් නැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මේ වන විටත් පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් වෙත දැනුම් දී තිබේ.

පාර්ලිමේන්තු පක්ෂ නායක තීරණය අනුව පළාත් සභා මැතිවරණය ගැන තීරණය පාර්ලිමේන්තුවට දැනුම්දීමට ද නියමිතව ඇත.