මහපොළේ නම වෙනස් වෙයි…..මහපොළෙන් ජීවත් වන අයවත් ඒකේ අගය දන්නේ නෑ!

0

මහපොළ භාරකාර අරමුදලේ නාමය ලලිත් ඇතුලත්මුදලි අනුස්මරණ භාරකාර අරමුදල ලෙස නම් කිරීමට තීරණය කළ බව උසස් අධ්‍යාපන අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා.

අද (31) පැවති මාධ්‍ය හමුවකදි අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

“අපි මහපොළ අරමුදල වෙළද කටයුතු අමාත්‍යංශයෙන් ඉවත් කොට උසස් අධ්‍යාපන අමාත්‍යංශය යටතට ගෙන ඒමට පනත සංශෝධනය කරන්න අපි තීරණය කළා. නමත් අපි වෙනස් කරන්න තිරණය කළා මහපොළ ශිෂ්‍යත්ව භාරකාර අරමුදල වෙනුවට ලලිත් ඇතුලත්මුදලි ශිෂ්‍යත්ව භාරකාර අරමුදල කියලා. මොකද මේ ශිෂ්‍යත්ව අරමුදලින් ජීවත් වන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වත් දන්නේ නෑ මේකේ ඉතිහාසය. ඒ තරම් ඒ ඉතිහාසය අමතක වෙලා. පහුගිය දවසක ලලිත් ඇතුලත් මුදලි නමට ඉදි කරපු නාමපුවරුවක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෝ ඇවිල්ලා ඒකට මිටිවලින් ගහලා යකඩ ඉනි වලින් ඇනලා විනාශ කළා. එතුමාගේ මහපොළෙන් ජීවත් වන අය තමයි මේ කටයුතු කරපු සියළු දෙනාම. ඒනිසා නමවත් ඒ අයගේ හිතේ රැදියි කියලා හිතාගෙන අපි නම මාරු කරනවා ලලිත් ඇතුලත්මුදලි භාරකාර ශිෂ්‍යත්ව අරමුදල කියලා.” අමාත්‍යවරයා සඳහන් කළා.