සමාජ මාධ්‍ය “තර්ජනයට” මුහුණ දෙන්න ආරක්ෂක ජාලයක් ගැන රනිල්ගෙන් අදහසක්

0

සමාජ මාධ්‍ය ඇතුළු තාක්ෂණය යොදාගන්නා නූතන මාධ්‍ය සම්ප්‍රදායික නොවන තවත් තර්ජනයක් බව අගමැති රනිල් වික්‍රමසිංහ ආරක්ෂක සමුළුවේදී අවධාරණය කර සිටියා.

“2018 ආරක්ෂක සමුළුවේ” සමාරම්භක දේශනය පවත්වමින් අගමැති රනිල් වික්‍රමසිංහ විසින් සමාජ මාධ්‍ය හඳුන්වනු ලැබුවේ “ගෝලීය කඩාකප්පල්කාරී බලවේග” ලෙසයි.

යුද්ධයේ ස්වභාවය සම්ප්‍රදායික අවි ගැටුමේ සිට අන්තර් ජාලය කරා මාරුවී ඇතැයි පවසන ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ෆේස්බුක් සහ ට්විටර් ඇතුළු සමාජ මාධ්‍ය වල “තර්ජනයට” මුහුණ දීම සඳහා ශක්තිමත් ආරක්ෂක ජාලයක් ස්ථාපිත කරගැනීමට ජාත්‍යන්තර යුද සමුළුවකට යෝජනා කර සිටී.

“ගෝලීය වියවුල් හමුවේ දේශයේ සුරක්ෂාව” යන තේමාව යටතේ දෙදිනක් පුරා පවත්වනු ලබන “ආරක්ෂක සමුළුව – 2018” පසුගිය (30) දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වු අතර ජගත් යුද විශේෂඥයන්ගේ සහභාගිත්වයෙන් දෙදිනක් පුරා පවත්වනු ලැබුවා.

ආණ්ඩුව දැඩි විවේචනයට ලක් කරන සමාජ මාධ්‍ය ජාල වලට ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයන් කිහිපවර තර්ජනය කර ඇති අතර වෙබ් අඩවි කිහිපයකට ද මේ වනවිට රට තුල තහංචි පනවා තිබේ.