පාරට බැහැලා සටන් කරන්නවත් ලැබුණේ ආණ්ඩුව නිසා…විග්නේෂ්වරන් තවත් ආණ්ඩුවට විරුද්ධ වුනොත් ගෙදර තමා..!

5

උතුරු  පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා තවදුරටත් දෙමළ ජාතික සන්ධානය තුළ තබා ගැනීමට සුදුස්සෙක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රි එම් සුමන්තිරන් පවසනවා.

උතුරු මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් දෙමළ ජාතික සන්ධානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට පිළිතුරු වශයෙන් එම සන්ධානයේ පේදුරුතුඩුව කාර්යාලයේදී ‘ හමුවක් කැදවමින් ඔහු මේ බව සදහන් කළා.

“මානසික ආතතියකින් පසුවන ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් එම තත්වයෙන් මිදී නිවැරදි පිළිතුරක් පැහැදිලිව ප්‍රකාශ කරන්නෙකු නම් ඉන් අනතුරුව මීලග පළාත් සභා මැතිවරණය පිළිබදව දෙමළ ජාතික සන්ධානයේ අදහස හෙළිකරන්න පුළුවන්. මීළඟ උතුරු මහ ඇමති අපේක්ෂකයා කවුරුද යන්න පිළිබදව තවමත් දෙමළ ජාතික සන්ධානය තීරණයක් ගෙන නැහැ. මහ ඇමතිවරයා  ප්‍රකාශයක් කරන වෙලාවේ තමන් තුළ විකල්ප තුනක් ඇති බව ප්‍රකාශ කළා.එය අද වනවිට හතරක් වෙලා.හෙට විකල්ප පහක් වෙන්න පුළුවන්. දවසින් දවස එය වැඩිවෙන්නත් පුළුවන්.”

“එනිසා ඔහුගේ මානසික ආතතියට අපිට වගකියන්න බැහැ.ඔහු මානසික ආතතියෙන් මිදී යහපත් මානසික තත්වයකින් නිවැරදි අදහස් ප්‍රකාශ කිරීමෙන් පසුව දෙමළ ජාතික සන්ධානයට සිය ස්ථාවරය හෙළිකළ හැකියි.”

“පාර්ලිමේන්තු මැතිවරණ සමයේ ප්‍රධාන අමාත්‍යවරයා ඔහු නියෝජනය කරන පක්ෂයට එරෙහිව කටයුතු කළ අවස්ථාවේ ඊට ප්‍රසිද්ධියේම මම විරෝධය පළ කළා .එදා මම කියපු දේවල් වැරදියි කියල කියපු අය එදා මම කියපු සියළු දේ නිවැරදි යැයි කියනවා.”

“පළාත් සභා මැතිවරණ සමයේ තමන් තරඟ කළ දෙමළ ජාතික සන්ධානයට ඡන්දය දෙන්න යැයි ඉල්ලු මහ ඇමතිවරයා පාර්ලිමේන්තු මැතිවරණයේදී නිවසින් පිටතට විත් (දෙමළ ජාතික සන්ධානයේ ඡන්ද ලකුණෙන්) ඡන්දය දෙන්න විත් කියා සිටියා.මොහු තවදුරටත් පක්ෂය තුළ සිටීමට නුසුදුස්සෙක් වෙනවා.එබැවින් දෙමළ ජනතාවගේ ස්වගෞරවය වෙනුවෙන් සටන් කරන පක්ෂයක් ලෙස එම ගෞරවය අහිමි කරගන්නට බැහැ.”

“මේ ආණ්ඩුවෙන් මොනවද කරල තියෙන්නෙ කියල අහනවා.අඩුම තරමින් පාරට බැහැල සටන් කරන්න පුළුවන් තත්වයක් ඇතිකරල තියෙනවා. උතුරේ දෙමළ ජනතාවට අයිති බොහෝ ඉඩම් දැන් නිදහස් කරල තියෙනවා.මේ සියළු දේට හේතු වුනේ මෙරට තුළ ඇතිවූ දේශපාලන වෙනසයි.” මන්ත්‍රීවරයා සඳහන් කළා.



5 COMMENTS

  1. I was looking to the data on catering ssolutions

    and i uncovered this page. Beneficial info!

    Caterers havee a very extremely important function within the

    celebration sewtting up process, and selecting a fantastic

    caterer is critical inside the assurance that your social gathering foods is completely coated.

    The 1st issue to learn is the fact that a caterer can offer diverse things of food service on your

    occasion. When you are only seeking to possess the major meal catered,

    a caterer can assist to deliver a plated supper or buffet model services to your guests’ meal, or for

    those who only have to have appetizers, your caterer will be able to give appetizers for the friends.

    I’ve created a web site which offers catering providers and would enjoy to introduce my web sijte to them who will be browsing for catering companies in Bangalore.

    Pretty enthusiastic forr getting much more benjeficial suggestions from the persons here.

  2. Grеat ԝork! Ƭhat is tthe type ᧐ff information that shouⅼԁ be shared ɑround thе web.

    Shake on Google fօr now not positioning tһіs pսt up higher!

    Come on over and seek advice froom mү web site . Τhanks =)

Comments are closed.