ගම්පෙරලිය අසාර්ථකයි……කරන්න පුළුවන් කෙංගෙඩියක් නෑ…!

0

වර්තමාන රජය ක්‍රියාත්මක කරන ගම් පෙරලිය අසාර්ථක වැඩසටහනක් බව පාර්ලිමේන්තු මන්ත්‍රි රොමේෂ් පතිරණ පවසනවා.

ඊයේ (01) පැවති ජන හමුවක් අමතමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළා.

“අලුත්ම භාණ්ඩ කිහිපයකට පනවපු වැට් බද්ද නිසා ලංකාවට ආනයනය කරන ඇඟලුම්, රෙදිපිලි වල මිල විශාල වශයෙන් ඉහළ යනවා. එක පැත්තකින් වැට් බද්ද, අනෙක් පැත්තෙන් ගුවන් සේවා ගාස්තු, අනෙක් පැත්තෙන් සෙස් බද්ද ඇතුළු බදු ගණනාවක් ජනතාව පිට පටවලා ජීවන බර අහස උසට නග්ගලා තියනවා. ඒ විතරක් නෙමෙයි මේ ඩොලරයේ සිදුවන අපගමනය නිසා ලංකාවේ විදේශ විනිමය සංචිත ඉතාම සීග්‍රයෙන් පහළ යමින් තියනවා. ආණ්ඩුව ගෙනියපු ආර්ථ්iක ප්‍රතිපත්තිය ජනතාවට කිසිම සහනයක් ලැබිලා නෑ කියලා මේ ආන්ඩුවේ අයත් පිළිඅරගෙන තියනවා. ඒ නිසා ගම් මට්ටමේ අපි ක්‍රියාත්මක කරපු වැඩ සටහන් නැවත ක්‍රියාත්මක කරන්න, මහින්ද චින්තන වැඩ සටහන් නැවත ක්‍රියාත්මක කරන්න ගමින් ගමට යන වැඩ සටහන් වෙනුවට ගම් පෙරලිය කියලා වැඩ සටහනක් පටන් අරන් තියනවා. නමුත් ඔබ දන්නවානේ ගම් පෙරලියට අද වෙනකම් ලැබිච්ච මුදලක් නෑ. ජනාධිපතිවරයා මේ වන කම් ඒ වෙනුවෙන් ලබා ගෙන ඇති මුදල මිලියන 800ක් පමණයි. ඒනිසා අපි දන්නවා ගම් 800කට විතරයි මේ මුදල ලබා ගන්න පුළුවන් වෙන්නේ. ලංකාවේ ග්‍රාම්සේවක කොටස් 12000කට අධික ප්‍රමාණයක් තියනවා. ඉතින් තමුන්නාන්සේලා දන්නවා ඒ මුදලෙන් කරන්න පුළුවන් කෙංගෙඩියක් නෑ කියලා. “මන්ත්‍රිවරයා පවසා සිටියා.

Ramesh Pathirana