විපක්ෂයේ ඉන්න අපි ඕනම විරෝධයකට යනවා. ඒක ඒක නවත්වන්න බෑ….. විනය ක්‍රියාමාර්ග අරන් බලමු!

0

දයාසිරි ජයසේකර මන්ත්‍රිවරයා හැරුණු කොට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ 16 යේ කණ්ඩායමේ සියළු දෙනා සැප්තැම්බර් 05 වෙනිදා ජන බලය පා ගමනට සහභාගි වන බව පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර ප්‍රියදර්ශන යාපා පවසනවා.

විරෝධතා වලට සහභාගි වන පිරිසට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ක්‍රියාමාර්ග ගන්නා බව ට සිදු කරන ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රිවරයා මේ බව කියා සිටියා.

“අපි දැන් විපක්ෂයේ මන්ත්‍රිවරු. අපිට අයිතියක් තියෙනවා ඕනෑම විරෝධතාවකට යන්න. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදය. අපි විරෝධතාවලට යනවට අපිට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නවා නම් විපක්ෂයේ ඉන්න ශ්‍රී ලනිප මන්ත්‍රිවරු ඔක්කොටම ගන්න ඕනෑ. අපි විතරක් නෙමෙයි ලබන බදාදා කොළඹදී පැවැත්වෙන එම උද්ඝෝෂණයට අපේ ආසනවල පාක්ෂිකයන්ද සහභාගි වෙනවා.” මන්ත්‍රිවරයා පවසා සිටියා.

Anura Priyadharshana Yapa