බස් නතර කරලා, බය කරලා, හිරේ දාලා අපිව නවත්වන්න බෑ….ජනතාව එක්ක පාරට බහිනවාමයි….!

0

මර්දනකාරී දේශපාලනය හැර වෙනත් කිසිදු වැඩපිළිවෙලක් වර්තමාන ආණ්ඩුව සතු නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසා සිටියා.

ඊයේ (03) කොළඹ දි පැවති මාධ්‍ය සාකච්ඡාවකදි අදහස් දක්වමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළා.

“අද වන කොට පළාත් මට්ටමින් බස් රථ නවත්වන්න. ගම් මට්ටමෙන් මන්ත්‍රීවරුන්ව බය ගන්වන්න ආණ්ඩුව දැඩි උත්සහයක නිරත වෙලා ඉන්නවා කියලා අපිට දැන ගන්න ලැබී තියනවා. කුරුණෑගල අධිකරණයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රිතුමාව රිමාන්ඩ් කරලා නඩු අහනවා. නමුත් කෝටි ගාණක් වංචා කරපු ඇලෝසියස් මුදලාලිගේ මාමා තාම සිංගප්පුරුවේ. ඒ අයගෙන් මැතිවරණ වලට සල්ලි ගත්ත මන්ත්‍රිවරු පොතුත් ලියලා මොකුත් නොවුන ගාණට බලාගෙන ඉන්නවා. මර්දනයෙන් තමන්ගේ දේශාපාලනය කරගෙන යනවා ඇරෙන්න ආණ්ඩුවට වෙන වැඩ පිළිවෙළක් නෑ. අපිට තියන එකම විකල්පය තමයි පාර්ලිමේන්තුවෙන් එලියට බැහැලා ජනතාව එක්ක මේ අරගලය පාරට අරගෙන එන එක.” මන්ත්‍රිවරයා සඳහන් කළා.

Namal Rajapaksa