ජන බලයේ වියදම ගැන එජාපය හෙලි කරයි…..!

0

සැප්තැම්බර් 05 වෙනිදාට පැවැත්වීමට නියමිත ඒකාබද්ධ විපක්ෂයේ ජන බලය විරෝධතාවට අවම වශයෙන් කෝටි 50වත් වැය වෙන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි තුෂාර ඉදුනිල් පවසනවා.

ඊයේ (05) පැවති මාධ්‍ය සාකච්ඡාවකදි මේ පිළිබඳව අදහස් දක්වමින් මන්ත්‍රිවරයා එසේ පවසා සිටියා.

“සාමාන්‍යයෙන් බස් 8000ක් ආවොත් කොළඹට එක බස් එකකට 20000ක් තිබ්බොත් කෝටි 16 වැය වෙනවා.දැන් මේ ලක්ෂ 4ට කෑම පාර්සල් එකකට 250 ගාණේ ගියත් කෝටි 10 ක් වැය වෙනවා. හතර දෙනාට එක ගානේ බෝතලයක් දුන්නොත් අරක්කු වලටම යනවා කෝටි 18 ක්. මෙහෙම මෙහෙම එකතු කරලා බැලුවොත් යන්තම් බයිට් වලට පොල් ලෙලි පොල් මුඩු කෑලි ටික හපලා යන්තම් කෝටි පනහකින් විතර වැඩේ ඉවර කර ගන්න පුළුවන්. එතකොට කොහෙන්ද මේ සල්ලී.” මන්ත්‍රිවරයා සඳහන් කර සිටියා.

Thushara Indunil