ශ්‍රිලංනීපේ සෙට් එක දිය යටින් ගින්දරනේ ගෙනියන්නේ…..ඉතින් ඇයි 5 වෙනිදාට බය වෙන්නේ?

0

ලබන 05වනදා කොළඹදී පවත්වන විරෝධතාවයට බිය වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂය නොව ජාතික ආණ්ඩුව තුළ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

ඊයේ (03) පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.

“අලුත් ලේකම්තුමා ප්‍රකාශයක් කරලා තිබ්බා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ අයට මේකට සහභාගි වෙන්න බැහැ කියලා. එතුමා තාම අලුත් වැඩියි. දැන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂ නිලධාරින් තමයි එක්සත් ජාතික පක්ෂයට වඩා 05 වෙනිදාට බය වෙලා ඉන්නේ. ඔතන ඉන්නවා පාවා දෙන්නෝ. දිය යටින් ගින්දර ගෙනිච්ච අය ඉන්නවා. මම දැක්කා ඊයේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ 67 වන සංවත්සර පිංකම කැළණි විහාරයේ කළා. බොහෝම හොදයි. පරණ කියමනක් තියනවා, උපන් දා ඉදලා කරපු පව් සේදි යනවා කියලා වරක් වැන්දොත් කැළණිය. ඉතින් ඔතන හිටපු සමහර අය ඒකට ගියාද දන්නේ නෑ කැළණියට. ඒක නම් අපි දන්නේ නෑ.” මන්ත්‍රිවරය සඳහන් කළා.

Susil Premajayantha