ISIS චෝදනා ලබා සිඩ්නි වල දි අත්තඩංගුවට පත් මොහොමඩ් නිසාම්ඩීන් අහිංසකයි!

0

ත්‍රස්ත චෝදනා යටතේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදි අත්අඩංගුවට පත් ශ්‍රී ලංකා ජාතික සහ තම ඥාති පුත්‍රයා වන මොහොමඩ් නිසාම්ඩීන් අහිංසක පුද්ගලයෙක් බව  පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාපා සඳහන් කරනවා.

මොහොමඩ් නිසාම්ඩීන් පිළිබඳව විදේශ මාධ්‍යයක් වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇති අතර “අපි ඔහුට ආදරෙයි. යමෙක් වරදක් කර තිබෙනවානම් ඒ වෙනුවෙන් කටයුතු කළ යුතුයි. නමුත් පවුලක් ලෙස අපි විශ්වාස කරන්නෙ ඔහු නිර්දෝෂියි කියලයි”  අමාත්‍යවරයා සඳහන් කොට තිබෙනවා.

නිසිම්ඩින් මීට දින කිහිපයට පෙර සිඩින් නුවරදී පොලිස් අත්අඩංගුවට පත් වූයේ ISIS සංවිධානයට චෝදනා ලබා වන අතර ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදි සිඩ්නි ඔපෙරාව හා සිඩ්නි නුවර ප්‍රසිද්ධ ස්ථාන ලකුණු කොට තිබු සටහන් හමු වී තිබේ.

ඒ අනුව විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව ඔස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්බුල් මෙන්ම හිටපු විදේශ කටයුතු අමාත්‍යනී ජුලියා බෂොප් ඝාතනය කිරීමේ උත්සහයක හා සිඩ්නි නුවර ජනාකීර්ණ ස්ථාන පිපුරුවා හැරීමට උත්සහ කළ බවට චෝදනා සිඩ්නි පොලිසිය මොහොමඩ් නිසාම්ඩීන් හට චෝදනා කරමින් මේ වන විට නඩු පවරා තිබේ.