ඒකාබද්ධයේ බිලි පූජාවලට ආණ්ඩුව ලෑස්ති නෑ….කොළඹ එන අය ගෙදර යවන හැටි දන්නවා!

0

2015 න් පසුව ශ්‍රී ලංකාව තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදී රටක් බවට පත්ව ඇතැයි ද ඕනෑම කෙනෙකුට උද්ඝෝෂණ විරෝධතා පැවැත්වීම ද ප්‍රජාතන්ත්‍රවාදී රටක විශේෂ ලක්ෂණයක් බවද අමාත්‍ය මංගල සමරවීර පවසනවා.

ඊයේ (04) පැවති මාධ්‍ය හමුවකදි අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ බිලි පූජාවක් සඳහා කොළඹට එන නාමල් ඇතුළු පිරිසගේ අරමුණ ඉටුකර දීමට රජය සුදානම් නැති බවයි.

“විශේෂයෙන්ම විශේෂ අධිකරණ හරහා කඩිනමින් නඩු විසඳීමේ අවස්ථාවක එම අධිකරණයට අනවශ්‍ය ලෙස බලපෑම් කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. කිසිම කලබලයක් ඇති වෙන්නේ නෑ. ජනාධිපතිතුමත්, අගමැතිතුමත් ඒ පිළිබඳව උපදෙස් ලබා දීලා තියෙන්නේ. නමුත් විරෝධතාවයක් නම් විරෝධතාවයක් විය යුතුයි. යම් කිසි විදියකට මේ අය විරෝධතාවයක් විදියට ඇවිල්ලා රටේ එදිනෙදා ජන ජීවිතය අවුල් කරන්න හදනවා නම් නැත්නම් වෙන වෙන තැන්වල ගිහිල්ලා කඩාකප්පල් ක්‍රියා සිදු කරන්න හදනවා නම් රජයේ දේපල විනාශ කරනවා නම් එවන් මොහොතක බලන් ඉන්න තරම් අපි රජයක් හැටියට දුර්වලත් නෑ.” අමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් පවසා සිටියා.

Mangala Samaraweera