ගෝඨාට ලැජ්ජ නෑ……රතුපස්වල, කටුනායක විරෝධතා වලට වෙඩි තියපු විදිය අමතකයි වගේ!

2

පසුගිය ආණ්ඩු සමයේදී උද්ඝෝෂකයන්ට උණ්ඩයෙන් පිළිතුරු ලබාදුන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතා වලට ජනතාවට ආරාධනා කිරීම විහිලුවක් බව අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

කෑගල්ල මහ රෝහලේ ඊයේ (4දා) සිදුකළ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

රතුපස්වලදී ජලය ඉල්ලා විරෝධතාවයේ නිරත වූ ගම්වැසියන්ට වෙඩි උණ්ඩයෙන් පිළිතුරු ලබාදීම, නිදහස් වෙළෙඳ කලාපයේ උද්ඝෝෂකයන්ට හා හලාවත උද්ඝෝෂකයන්ට වෙඩි තැබීම සිදු කෙළේ හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ අනුදැනුම මත බවත් එවැනි අතීතයක් සහිත හිටපු ආරක්ෂක ලේකම්වරයා විරෝධතා ව්‍යාපාරයට එක්වන ලෙස ජනතාවට ආරාධනා කිරීම ලැජ්ජා සහගත බවත් අමාත්‍යවරයා පවසා සිටියා.

පසුගිය ආණ්ඩු සමයේ සිදු කළ මනුෂ්‍ය ඝාතන, මහා පරිමාණ දූෂණ වංචා හෙළි වෙමින් නීතිය අකුරට ක්‍රියාත්මක වෙමින් පවතින වකවානුවක නීතියට බියේ සිටින මේ පුද්ගලයන් සිදු කළ භීෂණය ජනතාවට අමතක නැති බවත්, ජනතාව සිටින්නේ නිදහස උදා කළ වත්මන් ආණ්ඩුව සමඟ බවත් අමාත්‍යවරයා පවසා සිටියා.

Rajitha Senaratne



2 COMMENTS

Comments are closed.