ජන බලය ඇරඹෙයි…..මහින්දත් රැළියට එක්වෙයි!

0

“ජනබලය කොළඹට“ මැයෙන් ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධාන කරන විරෝධතා රැළියේ පාගමන මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

කොළඹ,ටෙලිකොම් මූලස්ථානය ඉදිරිපිටින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජන බලය විරෝධතාව සඳහන් එක්වූ බවයි අප වාර්තාකරුවන් පවසන්නේ.

කෙසේ නමුත් මේ වන විට මරදාන, කොළඹ කොටුව, පිටකොටුව, ප්‍රදේශ වල දැඩි රථ වාහන තදබදයක් දක්නට හැකි බවත් වාර්තා වනවා.

ප්‍රධාන විරෝධතාව අද සවස ලිප්ටන් වටරවුමේදි පැවත්වීමට නියමිත බවත් වාර්තා වෙනවා.