ආපහු සල්ලි දීලා බැදුම්කර වංචාව වහන්න බෑ! – අගමැති පාර්ලිමේන්තුවේදි කියයි

0

මහබැංකුවට සිදුකළ විනාශය වෙනුවන් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම අදාළ මුදල් නැවත මහ බැංකුවට ගෙවනු ලැබූවද ඔවුන් කළ අපරාධය අවසන් නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසා තිබෙනවා.

ඊයේ (04) පාර්ලිමේන්තුවේදි ඒ පිළිබඳව අදහස් දක්වමින් අගමැතිවරයා සඳහන් කළේ මහබැංකුවට අයවිය යුතු මුදල පර්පර්චුවල් සමාගමෙන් අයකර ගන්නා ලෙස නිර්දේශ කළේ ඒ පිළිබඳව පරික්ෂණ කළ ජනාධිපති කොමිසමෙන් බවයි.

එහිදි අදහස් දැක්වූ අගමැතිවරයා,

“අර්ජුන් මහේන්ද්‍රන් රට ගියාට පස්සේ කිසිම සම්බන්ධතාවයක් පැවැත්වූවේ නැහැ මාගේ නිතිඥයින් දැනුම් දුන්නා කිසිම සම්බන්ධයක් පවත්වන්න එපා කියලා යැයිද අගමැතිවරයා සඳහන් කළේය. අර්ජුන මහේන්ද්‍රන් විදේශගතව සිටිනම් ඔහු ගෙන්වා ගැනිමේ සියලූ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. රජයේ නිතිඥවරුන්ට සහ පොලිසියට පරික්ෂණ නිදහසේ කරගෙන යන්න ඉඩදීලා තියෙනවා”

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මෙහිදි අගමැතිවරයාගෙන් විමසා සිටියේ  සිංගප්පුරුවේදි අර්ජුන් මහේන්ද්‍රන් හමුවුනාද යනුවෙනි.

“මහාභාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීම පිළිබඳ පරික්ෂා කිරීම සහ විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව 2017 දෙසැම්බර් 30 වන දින ජනාධිපතිතුමන් වෙත බාර දුන්නා. එකී වාර්තාවේ නිර්දේශයන් ක්‍රියාත්මක කිරීම සඳහා නීතිය බලාත්මක කරන ආයතන වන නීතිපතිතුමා වෙත හා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පිළිවෙලින් 2018.01.02 සහ 2018.02.10 වන දින ඉදිරි කටයුතු කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය විසින් එම වාර්තාවේ පිටපත් යොමු කර තිබෙනවා. එකී වරදකරුවන්ට දඩුවම් ලබාදීම දැනට පවත්නා නෛතික ප්‍රතිපාදනවලට අනුකුලව සිදු කරනු ඇති. 2018 අංක 09 දරණ අධිකරණ සංවිධාන (සංශෝධන) පනතේ විධිවිධාන අනුව, පනතේ සඳහ් වන වැරදි සඳහා විශේෂ මහාධිකරණයේ නඩු පැවරීම, නිතිපති හෝ අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ විධානය මත එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අදාළ විස්තර අගවිනිසුරු වෙත යොමු කිරීමෙන් පසුව අගවිනිසුරුවරයා විසින් ඒ පිළිබඳව තීරණයක් ගන්නවා ඇති.” අගමැතිවරයා පිළිතුරු ලබා දෙමින් පවසා සිටියා.

Ranil Wickremesinghe