ජනබලය පුස්සක්…..විසිල් එකේ තරමට බල්ටි නෑ,….

0

ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කළ ජන බලය විරෝධතාව අසාර්ථක බව නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර පවසනවා.

අද (05) පාර්ලිමේන්තුවේ දි  තැපැල් කාර්යාල ආඥා පනත යටතේ ව්‍යවස්ථා පිළිබඳ විවාදයට එක් වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

“එයාලාට කිව්ව ගණන් ගේන්න බැරිව ගියා.බස් ආවෙත් ටිකයි.එක බස් එකක ආවේ දහයකට අඩු  ගාණක්.වැඩේ අසාර්ථක වුණා.මෙය රටට ජනතාවට ආදරයෙන් ආපු ගමනක් නොවෙයි.එක පවුලක පිරිසකට බලය ගන්න ආපු ගමනක් කොළඹ වටිනා ඉඩම් ටික චීනයට සින්නක්කරව  විකුණපු අයට යළි කොළඹට පය ගහන්න අයිතියක් නැහැ. මොන උද්ඝෝෂණ කළත් ආණ්ඩුව සැලෙන්නේ නැහැ.ආණ්ඩුව ඉදිරියට යනවා.” නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියා.

Nalin Bandara