ජනබලයට ඇවිත් පෙට්ටියෙන් ගෙදර යන ජගත් විමලසූරිය

0

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ මගින් ඊයේ (05) කොළඹදි සංවිධානය කර තිබු ජන බල මෙහෙයුමට සහභාගි වු හැටන් කුඩාගම ප්‍රදේශයේ පදිංචිව සිටි තිදරු පියෙක් ජිවිතක්ෂයට පත් ව තිබෙනවා.

මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ හැටන් කුඩාගම ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි ජගත් විමසුරිය නැමති තිදරු පියෙකි.

මරණකරු වෘත්තියෙන් පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙකු වශයෙන් සේවය කරන අතර , ඔහු හැටන් කොළඹ පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයා වශයෙන් සේවය කර ඇත.

හැටන් ප්‍රදේශයෙන් ජනබලයට සහභාගි විම සදහා ගිය ඔහුගේ මිතුරන් කිහිපදෙනෙකු සමග මරණකරු කොළඹට ගොස් මාලිගාවත්ත ප්‍රදේශයේ බස් රථය නතර කිරිමෙන් පසු මිතුරන් සමග ලෙක් හවුස් වටරවුම දක්වා පාගමනින් යන අතරතුර  තමන්ට අසනිප බවත්, එම නිසා යලිත් තමන්  බස් රථයට  යන බව පවසා ගිය බවයි ඔහුගේ මිතුරෙකු කියා සිටියේ.

ඊයේ පස්වරු 6.15 පමන යලිත් බස් රථයට පැමිණ පරික්ෂා කිරිමේදි මරණකරු බස් රථයේ අසුනක් මත වැටි සිටි බවයි ඔහුගේ මිතුරෙකු කියා සිටියේ.

මරණකරුගේ බිරිද ගෘහ සේවය සදහා විදේශගත වි ඇති අතර ඔහුට පිරිමි ළමුන් දෙදෙනෙකු සහ  වයස අවුරුදු පහක ගැහැණු ළමයෙකුද සිටි.

මිය ගිය අයගේ මෘත දේහය  කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරික්ෂණ අද (06) සිදු කිරිමට නියමිතය

හැටන් රංජිත් රාජපක්ෂ