අරක්කු දිලා, සල්ලි දීලා…., මිනිස්සු ගෙනත් ආණ්ඩු පෙරලන්න මහින්ද හීන බලනවා!

0

ඒකාබද්ධ විපක්ෂය ජන බලය මෙහෙයුමට ගෙනා සෙනඟට වඩා වැඩි ප්‍රමාණයක් කොළඹට ගෙන ඒමට තම පක්ෂයට හැකි බව ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති ජේ.සී.අලවතුවල පවසනවා.

ඊයේ (05) පාර්ලිමේන්තුවේදි තැපැල් කාර්යාල ආඥා පනත යටතේ ව්‍යවස්ථා පිළිබඳ විවාදයට එක් වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

“ඒකාබද්ධ විපක්ෂය කොළඹට කොච්චර සෙනඟක් ගෙනාවත් අප බය වෙන්නේ නැහැ.අප මීට වඩා දෙගුණයක් සෙනඟ කොළඹට ගෙනල්ලා පෙන්වනවා. මෙයාලා කොළඹට සෙනඟ ගෙනාවේ අල්ලස් දීලයි.මත්පැන් අරක්කු බෙදලයි.සෙනඟ පෙන්නලා බලය ගන්න බැහැ.හිටපු පාලකයින් කරපු දේවල් ජනතාවට අමතක නැහැ.මහින්ද අද හැම පෝයටම සිහින දකිනවා.ජනතාවට ජයග්‍රහණ දුන්නේ යහ පාලන ආණ්ඩුවයි.මේ ආණ්ඩුව පෙරළන්න ශක්‍රයාටවත් බැහැ.” රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදි පවසා සිටියා.