දැන්වත් ඉතින් පලයව්!……ඔටුන්න උඹලාගේ වුණාට රට අපේ…අපේ සටන රට වෙනුවෙන්

0

රටකට ජාතියකට වෙන්න පුළුවන් ඉහළම අන්තරායට අද වන විට ලංකාව මුහුණ දෙමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ පවසා සිටිනවා.

ඊයේ (05) ලිප්ටන් වටරවුමේදි ජනබලය විරෝධතා රැලිය අමතමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළා.

“ඔබගේත් මගේත් මාතෘ භූමිය අද තියෙන්නේ වෙන්න තියන ඉහළම නපුරට අද මුහුණ දෙමින්. රටකට වෙන්න පුළුවන් වැඩිම අන්තරාය, ජාතියකට වෙන්න පුළුවන් ඉහලම අන්තරායට මුහුණ දීලා. ඒ අන්තරාය තමයි ජාතියට හිමි රාජ්‍යය ජාතියට අහිමි වීම. අපේ අන්‍යතාව නිර්මාණය කරපු ඒ රට තමයි අද අපෙන් පැහැර ගනිමින් තිබෙන්නේ. පලාලි ගුවන් තොටුපොළ, මත්තල ගුවන් තොටුපොළ, ත්‍රිකුණාමලය නොරටුන්ට දෙනකොට, මේරටේ ගෙවල්, ඉඩම් සින්නක්කර මිලයට ගැනීමේ හැකියාව නොරටුන්ට දෙනකොට අහිමි වෙන්නේ අපේ රට. සිංගප්පූරුව එක්ක ගිවිසුම් ගහලා මේ රට ආසියාවේ කුණුගොඩ කරනකොට, සිංගප්පූරුවේ මීතොට මුල්ල කරනකොට නැතිවෙන්නේ අපේ රට. ඒ නිසා මේ සටන් කරන්නේ මාතෘභූමිය වෙනුවෙන්. මේ සටන් කරන්නේ රට වෙනුවෙන්. එක රැයක් නෙමෙයි රැයවල් සිය ගණනක් වුනත් රොද බැදගෙන මේ ආණ්ඩුවට විරුද්ධ වෙන්න හැකියාව තියන ඒ ජවය තමයි මේ දකින්න තියෙන්නේ. සිරිසේන, වික්‍රමසිංහ, සම්බන්ධන්, අනුර හොර හවුලට අපි කියනවා දැන් ඉතින් බැහැලා පලයල්ලා. ඔටුන්න උබලාගේ වුණාට රට අපේ. අපේ රටත් එක්ක පන්දු කෙලින්නේ නැතුව දැන් ඉතින් බැහැලා පලයව්.” මන්ත්‍රීවරයා සදහන් කොට සිටියා.

Wimal Weerawansa