රවීට නැවතත් කැබිනට් ඇමතිධූරයක්!

0

එක්සත් ජාතික පක්ෂ උපනායක කොළඹදිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක හට නැවත අමාත්‍යධූරයක් ලබා දීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එකඟ වී ඇති බව වාර්තා වෙනවා.

තමා වෙත නැවත අමාත්‍යධූරයක් ලබා දීමට කිසිදු විරෝධතාවයක් නොමැති බව ජනාධිපතිවරයා දන්වා ඇති බව  රවී කරුණානායක මන්ත්‍රීවරයා නිල වශයෙන් ඊයේ (05) පැවති එක්සත් ජාතික පක්ෂ දේශපාලන මණ්ඩලයට දැනුම් දී තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂ දේශපාලන මණ්ඩලය අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත හිදි රැස්වී ඇති අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකිර්ණයට පැමිණි අවස්ථාවේ තමා හමුවූ බවත් එවිට මේ බව දැනුම් දුන් බවත් රවි කරුණානායක එහිදි පවසා තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාට එරෙහිව පවතින චෝදනා පිළිබඳව කරුණු ඉදිරිපත් කරන ලෙස නිතිපති දෙපාර්තමේන්තුවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ දැනුම්කීමට අනුව නිතිපති මතයද ලබන සතියේ දැනුම් දීමට නියමිතය.

ඒ අනුව ඉදිරි සති කිහිපය තුළ රවි කරුණානායකට යළිත් කැබිනට් අමාත්‍යධූරය ස්ථිර වශයෙන්ම හිමිවීමට නියමිතය.