බැසිල් නැතුව පොහොට්ටුවටත් , ඒකාබද්ධටත් ගමනක් නෑ…. අගමැතිට පසුපෙළ මන්ත්‍රීගෙන් පැසසුම්

0

කොළඹ ගාලූමුවෙදාර ෂැන්ග්‍රිලා තරු හතේ හෝටලයේ කාමර 15 ක් වෙන් කරවා ගෙන නව ආණ්ඩුවක් ප්‍රකාශයට පත් කිරිමට ඒකාබද්ධ විපක්ෂයේ සිහිනය උද්ඝෝෂණය අසාර්ථවිමත් සමඟ බිදිගිය බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන පවසනවා.

රාජපක්ෂ රජය චිනයට විකුණු ආරක්ෂක අමාත්‍යාංශයට අයත් ගාලූමුවෙදාර පිටිය ඉදිරිපිට ඉඩමේ ඉදිකර ඇති ෂැන්ග්‍රිලා හෝටලයට අමතරව හිල්ටන් හා ටාජ් සමුද්‍රා යන හෝටල්වල කාමර 3 බැගින් වෙන් කරවාගෙන නව ආණ්ඩුව පිහිටුවිමට සැලසුම්කර තිබුබ වද වජිර අබේවර්ධන සදහන් කර සිටියා.

ඒකාබද්ධ විපක්ෂයේ උද්ඝෝෂණය සම්පූර්ණයෙන්ම අසාර්ථක වීමෙන් පනේනුම් කෙරුණේ බැසිල් රාජපක්ෂ නොමැතිව පොහොට්ටුවටත් ඒකාබද්ධ විපක්ෂයටත් ගමනක් නැති බවත් වසර 9 ක් මුළුල්ලේ හොරකම් කළ සල්ලි වියදම් කර නායකයින් තුරු හතේ හෝටල් කාමර වෙන් කරවාගෙන කරන්න සැලසුම් කළ සියළු වැඩ උද්ඝෝෂණය අසාර්ථකත්වය මත කඩා වැටුණු බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

මේ අතර ඒකාබද්ධ විපක්ෂය විසින් කොළඹදී පැවැත්වූ උද්ඝෝනයේදි විරෝධතාකරුවන්ට කිසිදු හානියක් නොවන ලෙස ආරක්ෂක අංශ මෙහෙයවීම ගැන පසුපෙළ මන්ත්‍රීවරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවී විශේෂ ස්තූතියක් පළ කර තිබේ.

සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවැති එක්සත් ජාතික පක්ෂ 72 වැනි සංවත්සරයෙන් පසුව අගමැතිවරයා හමුවිමෙන් අනතුරුව පසුව මන්ත්‍රීවරුන් සදහන් කර ඇත්තේ කොළඹට ජනතාව කැදවා ප්‍රකෝපකාරි සිදුවිම් ඇති කොට ආරක්ෂක අංශ වෙතින් ප්‍රහාරයක් එල්ල කර ගැනීමට උත්සාහයක් තිබුණද පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ නියමාකාරයෙන් හැසිරවිමට අගමැතිවරයා දුන් උපදෙස් අතිශයින් වැදගත් වු බවයි.